පොහොර නැවක් කොළඹ වරායට : අද සිට රට පුරා බෙදාහරි.


පොහොර හිඟයට පිළියමක් ලෙස මෙරටට ගෙන්වූ, යූරියා මෙට්‍රික් ටොන් 50,000ක් රැගත් නෞකාව ඊයේ (07) රාත්‍රියේ කොළඹ වරායට සේන්දු වූ බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.

එහි අධ්‍යක්ෂ රවි ක්‍රිශාන් ජයවර්ධන මහතා සඳහන් කළේ, අදාළ පරීක්ෂා කිරීම්වලින් පසුව එම පොහොර තොග බෙදා හරින බවයි.

ඒ අනුව පළමු පොහොර මෙට්ට්‍රික් ටොන් දහසය දහසක තොගයක් ඉදිරි දින 03 ක් ඇතුළත බෙදා හැරීමට නියමිත බව ඔහු සඳහන් කළේ ය.

මේ අනුව අනුරාධපුර, පොළොන්නරුව, හම්බන්තොට සහ මහියංගණය යන ප්‍රදේශවලට එම පොහොර තොග ඉක්මනින් ම පිටත්කර යැවෙනු ඇත.

පකිස්තාන නෞකාවක් අතළඟ !

පොහොර රැගෙන ඕමාන රාජ්‍යයේ නෞකාවක් මේ වන විට කොළඹ වරායේ නැංගුරම් ලා ඇති අතර මේ පොහොර තොග බෙදා හැරිම සඳහා ලොරි රථ 200ක් වරාය පරිශ්‍රයේ නවතා ඇති බවත් අදාළ පොහොර තොග වරායේ සිටම රට පුරා බෙදා හැරිමට සියල්ල සූදානම් බවත් කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති චමින්ද ලියනගේ මහතා පැවසිය.

ඉදිරි දෙසතිය තුළ තවත් පොහොර මෙට්‍රික් ටොන් 40000ක් රැගෙන පකිස්තාන නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.

(SLM)

No comments:

Info Sri Lanka TV

Powered by Blogger.