රවී සියලු රහස් හෙළිකිරීමේ සුදානමක?


යම් ලෙසකින් අත්අඩංගුවට ගතහොත් බැදුම්කර මගඩිය සම්බන්දයෙන් සියළු රහස් හෙලි කිරීමට හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතා තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාගේ 'ලංකා සී නිව්ස්' වෙබ් අඩවිය පවසයි.

එසේ අත්අඩංගුවට ගැනීමත් සිදුවුවහොත් එය සිය දේශපාලන ගමන් මගට දැඩි ලෙස අයහපත් ලෙස බලපාන නිසා තව දුරටත් ඉවසා සිටීමට හිටපු ඇමතිවරයා සූදානම් නැති බවද එම වෙබ් අඩවියේ සඳහන් වේ.

මේ අතර එජාප උප නායකත්වයෙන් ඉවත් කිරීමට ලැබී ඇති නිර්දේශ ගැන අදහස් පල කරමින් ඔහු මාධ්‍ය වෙත කියා සිටියේ ජනාධිපති හෝ අගමැති වුවද මැතිවරණ කාලයේ කියනා දේවල් එතරම් ගණන් ගත යුතු නැති බවත් මැතිවරණය අවසන් වූ පසු සිදුවන දේ දෙස බලා සිටිනා ලෙසත්ය.

තමන් මුදල් ඇමතිවරයා ලෙස කටයතු කලද කිසි දිනෙක මහ බැංකුව තමන් යටතේ නොතිබූ බව කරුනානායක මහතා මින් පෙර අවස්තා කිහිපයකදීම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

'රහස්' හෙළිකරන්නැයි බලපෑම් !

මේ අතර බැඳුම්කර සිද්ධියට සම්බන්ධ ප්‍රධාන වගකිවයුත්තන් ඊට සම්බන්ධ අනෙකුත් එජාප මැති ඇමතිවරුන් හෙළිදරව් කරන්නැයි දේශපාලනඥයින් කිහිප දෙනෙකුම හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට බලපෑම් කරමින් සිටින බව වෙබ් අඩවි කිහිපයක් ම වාර්තා කර තිබේ.

එවැනි යෝජනා ඉදිරිපත්ව ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ මහ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කිරීමත් සමග බව එම වෙබ් වාර්තා වැඩිදුරටත් පවසයි.

කෙසේවුවද පළාත් පාලන මැතිවරණය අවසන් වනතෙක් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර එකඟත්වයක් සිදුව තිබෙන බව අරලියගහ මන්දිර ආරංචිමාර්ග පවසයි.

ඒ ඊයේ පෙරවරුවේ ඔවුන් දෙදෙනා අතර පැවති සුහද සාකච්ජාවේ දීය.

'රවී ස්ව කැමැත්තෙන් අත්අඩංගුවට පත්වෙන්න හදනවා' - බන්ධුල ගුණවර්ධන

මේ අතර බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසුයේ, මෙවර පළාත් පාළන මැතිවරණයේ අවසන් දින කිහිපයේදී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ස්ව කැමැත්තෙන් අත්අඩංගුවට පත්ව ආණ්ඩුව මැතිවරණ වාසි ලබා ගැනීමේ සැලසුමක් පවතින බවයි.

මැතිවරණය අවසන් වූ වහාම ඔහු නිදහස් කිරීමේ එකඟතාවය මත මෙම සැළසුම ක්‍රියාත්මක කරන බවද ඔහු කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයෙත් ශ්‍රී ලංකා නිදහස් පක්යෙත් නායකයන් සහ යහපාලන රජය ගලවා ගැනීම සඳහා උපදෙස් දෙන සියලූම විද්වද් උපදේශකයනුත් එක්ව මෙම කුමන්ත්‍රණකාරී වැඩපිළිවල සකස් කර ඇති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂ උප නායක කමින් ඉවත් කිරීමට කටයුතු කිරීම එම සැළැස්මේ පළමු පියවර බවද හෙතෙම කීය.

No comments:

Latest Video

Powered by Blogger.