දිලිත්ගේ ව්‍යාපෘතිය හබක් : ඇලෝසියස්ගේ වත්කම් වලට තහනමක්.


අර්ජුන් ඇලෝසියස් මහතාගේ පර්පචුවල් ට්‍රේෂරීස් සමාගම සතු වත්කම් සහ අරමුදල් කිසිඳු පාර්ශවයකට තෑගි කිරීම, මාරු කිරීම, ආයෝජනය කිරීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විශේෂ නියෝගයක් නිකුත් කළේය.

නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් වසන්ත කෝදාගොඩ මහතා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් විමර්ශනයට සහාය දැක්වීමක් ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (02දා) මෙම නියෝගය නිකුත් කළේය.

මේ අතර බැඳුම්කර වංචාවට අදාළව මුලින්ම බී වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ අද දිනයේ වන අතර නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් වසන්ත කෝදාගොඩ මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් එහි අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු පිරිසක් ද අද පෙනී සිටියහ.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ලබන 15 වැනිදාට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රාන් මහතාට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය එම නියෝගයේ ඉංග්‍රීසි පිටපතක් සිංගප්පුරුවේ අන්තර්ජාතික පොලිසිය මගින් මහේන්ද්‍රන් මහතාට ලැබීමට සලස්වන ලෙස ද නියෝග කළාය.

දිලිත්ගේ ව්‍යාපෘතිය හබක් !

මෙසේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කඩිමුඩියේ අද අධිකරණයට ගොස් විශේෂ නියෝගයක් ලබාගෙන ඇත්තේ, බැඳුම්කර පත්තරය ලෙස දේශපාලන ක්ෂේත්‍රයේ ආන්දෝලනයට ලක්වූ 'ජනයුගය' පුවත්පත් ආයතනය මිළදි ගැනීම සඳහා 'අද දෙරණ' නාලිකාවේ සභාපති දිලිත් ජයවීර මහතා සාකච්ජා ආරම්භ කර ඇති බවට මාධ්‍ය ඔස්සේ හෙළිදරව් වීම නිසා වියහැකියි දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වේ.

'ජනයුගය' පුවත්පත් ආයතනයේ නවීන මුද්‍රණාලය මිලදී ගැනීම සඳහා ජයවීර මහතා විසින් 'ජනයුගය' පුවත්පත් ආයතනයේ ප්‍රධානි අර්ජුන් ඇලෝසියස් මහතා සමග එකඟත්වයකට පැමිණ ඇති බවත් හෙළිදරව් වීමත් සමග 'සිරස' ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයක් ඊට එරෙහිව ඊයේ රාත්‍රී සිට පුළුල් ප්‍රචාරයක් දියත් කළේය.

No comments:

Info Sri Lanka TV

Powered by Blogger.