Ad

ශ්‍රීලනිප ඇමතිවරු මෛත්‍රී හමුවෙයි : මෛත්‍රී රනිල් හමුවෙයි.


ශ්‍රී ලංකා නිදස් පක්ෂයේ ඇමතිවරු අද (11) පෙරවරු 11.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසෙන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රීලනිප ඇමතිවරු සිය අමාත්‍යධූර වලින් ඉවත්වීමට තීරණය කර ඇත්දැයි කළ විමසීමකදීය.

අමාත්‍යධුරවලින් ඉවත්වීමට මෙතෙක් තිරණය කර නැතැයි ද ඔහු කියා සිටියේය.

කෙසේවුවද, මේවන විට අමාත්‍යවරු අතර යෝජනා දෙකක් ඇතැයිද ඉන් එකක් අමාත්‍යධූරවලින් ඉවත්වී ස්වාධීනවීම වන අතර අනෙක් යෝජනාව මේවන විට ජනතා මතය ප්‍රකාශයට පත්ව ඇති බැවින් තවදුරටත් බෙදී නොසිට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ එක්වීම බව යැයිද ඔහු පැවසීය.

කෙසේවුවද, ශ්‍රීලනිප අමාත්‍යවරු හමුවීමට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (11) පැවැත්වීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.

සුසිල් මහින්ද සමීපයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්වයේ ප්‍රභල අමාත්‍යවරයෙක් වෙන සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මහින්ද රාජපක්ෂ මහතා සමගින් එක්වීම තීරණය කර ඇති බව වාර්තා වෙයි. 

ඔහුත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන හත් දෙනෙක් මහින්දට එක්වීමට නියමිත බව වාර්තාවෙයි. වාර්තාවෙන්නේ සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පෙ.ව. 11.00ට මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බව වාර්තා වෙයි. 

No comments:

Powered by Blogger.