එජාපය පැරදුනේ ඇයි? දැන් කල යුත්තේ කුමක්ද?


මේ අවස්තාවේ දීර්ඝ විශ්ලේෂණයන් වෙත ගොස් පලක් නැත.එම නිසා සියල්ල කරුනු වශයෙන් ඉදිරිපත් කිරීමට සිතුවෙමි.

පැරදුනේ ඇයි?

1.අවුරුදු 20ක් දුක් ව්දි එජාප පාක්ශිකයන්ගේ දුක් අදොනාවට ඇහුම් කම් නොදිම.

2.එජාප කොට්ටාශ සංවිධායකවරයන් 12000 ට රැකියා ලබා දෙන බව පවසමින් රැකියා අයදුම් පත් ලබා ගත්තද ඔවුන් අමතක කිරීම.

3.නායකත්වයේ අත්තනෝමතිකභාවය හා ජනප්‍රිය නායකයන් කොන් කිරීම.(උදා-මාතර දිස්ත්‍රික්කයේ පලමු වෙනියා වු බුද්ධිකලා කොන් කිරිම,හරීන්,තෙවරප්පෙරුම රංගේ බන්ඩාර)

4.ජනප්‍රිය නොවන නායකයන් ලං කර ගැනීම.(උදා.මලික්,රවි,සාගල,මාරපන)

5.බැදුම්කර වංචාව හා ඒ පිලිබඳ ඉක්මන් නිත්‍යානුකුල පියවර නොගැනීම 

6.යහපාලනය පිලිබද අපේශාවන් බිද දැමීම.(උදා -හොරු ඇල්ලීම වැනි කාරනා)

7.තාරුණ්‍යයට අමාන්ත්‍රනය නොකීරීම.(රැකියා,නව වයාපෘති)

8.තාරුණ්‍යය ඉදිරියේ තම පවුර්ශත්වය දියාරු කර ගැනීම(අගැමැතිතුමන් ගේ පර්ලිමේන්තු  හැසිරීම,wifi,google baloon,සමලිංගිකත්වය වැනි කාරණා)

9.උගතුන්ට නිසි ආමාතයංශය ලබා නොදීම(උදා-හර්ශද සිල්වා වැන්නවුන්ට මුදල් අමත්‍යංශය ලබා නොදීම.)

10.කතිකයන් නිසි ලෙස  දේශපාලන වේදීකාවට නොගැනීම(සජිත් හරීන්ලා රට වටා රැගෙන නොයෑම.)

11.සමාජ ජාලා මාධ්‍ය කරුවන් මෙහෙය වීමෙන් ඈත් වීම.අදක්ෂ  මාධ්‍ය භාවිතය.

12.සිරසේ මාධ්‍ය භාවිතය.

13.ශිරාල් ලක්තිලක හා මලිත් ජයවීරලා ගේ මාධ්‍ය  භාවීතාව.

14.ජනපතිදුන්ගේ එජාප විවේචනය.

15.අතවශ්‍ය භාන්ඩ මිල මැතිවරණයක් ආසන්නයේ හෝ අඩු නොකිරීම.

16.කල වැඩ සාමජ ගත කිරිමට නොහැකී වීම.(මත්ස්‍ය තහනම,GSP+,සුරක්ශා,කොමිශන්,වැවක් සමග ගමක්,කුරුදු මිල,තේ මිල,කර්මාන්ත කාලාප,බෙහෙත් මිල,පඩ් වැඩි කිරීම්,තෙල් මිල)

17.හිරු හා දෙරණේ ගෝත්‍රික හැසිරීම පාලනය නොකීරීම.

18.මැතිවරණය ආසන්නයේදීම ආදයම් බදු ෆයිල් විවෘත කිරීම.(වෘත්තීයවේදීන් ඉවත් වීම)

19.එජාප සංවිධායකවරයන් කොන්ක්‍රිට් ජවාරමට යොමුවීම(උදා ලෙස කබුරුපිටියේ එජාප සංවිදායකගේ සුපිරි කොන්ක්‍රිට් වැඩපොල)

20.ඇමතිවරුන් හමු වීමට සාමන්‍ය මිනිස්සුන්ට නොහැකි වීම.(උදා ලෙස මංගල,සාගල ආමාතයවරු හමු වීමට නම් දොස්තරලා හමු වන ආකාරයට අංක ගැනිමට සිදු වීම)

21.මැතිවරණ කල් දැමීම සාමාජිය ප්‍රශ්න වලට කල් මැරිමෙන් පිලුතුරු සෙවීමට උත්සාහ දැරීම.(සයිටම් ගැටලුව)

22.උද්ගෝශනයන්ට සෘජු ප්‍රතිචාර නොදැක් වීම

23.වල් බූරු ප්‍රජාතන්ත්‍රවාදය.

24.රජයේ සේවකයන්ගේ  අත්තනෝමතික භාවය පාලනය නොකිරීම.

25.ඉරුදින වැනි තාමාට උදව් කල පුවත් පත් ආයතන බිද වැටෙන තුරු බලන් සිටිම.

26.උදව් කල සිවිල් සංවිධාන ඈත් කර ගැනීම.

27.සංඝයා වහන්සේලා ඈත් කර ගැනීම.

28.ලංකීය සාමාජයට අනවශ්‍ය කාරනා මැතිවරණ කටෙදි ඉස්මතූ කිරීම.(කාන්තාවන්ට තෑබෑරුම් සංස්කෘතියක්,බ්‍ර්‍ගේඩියර් ප්‍රියංග ප්‍රනන්දු ගැටලුව)

29.කලාකරුවන් කිසිම කෙනෙක් එජාප වේදීකාවේ නොසිටීම.

කල යුත්තේ 

මේ මොහොතේ අනිවාර්යයෙන්ම එජාප නායකත්වයේ වෙනසකට යා යුතූ බව මාගේ හැහීමයි.

සජිත් හා නවීන් යන තරුණ නායකයන් දෙපලට එජාපය භාර දී එජාප වර්තමාන නායකත්වය උපදේශකාත්මක මට්ටමෙන් එජාපය තුල සිටිය යුතුය.

එලෙස සිදු වුවහොත් ප්‍රේමදාස,දිසානායක දෙපල නිසි ඉත්තන් නිසි පරිදි අදිනු නොවනු මානය.

(විශේෂ දේශපාලන වාර්තාකරුවෙකු විසින්)

No comments:

Latest Video

Powered by Blogger.