පොහොට්ටුවේ සභාපති උපසභාපතිකම්වලට කචල්.


ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණෙන් පළාත් පාලන ආයතනවලට සභාපති සහ උප සභාපතිවරු තෝරා පත් කිරීම විශේෂ අධීක්ෂණ මණ්ඩලයක් විසින් සිදු කිරීමට තීරණය කිරීමත් සමඟ එම පක්ෂයේ ජයග්‍රාහී මන්ත්‍රීවරු අතර ගැටුම් හටගෙන ඇතැයි වාර්තා වේ.

ඒ එම පක්ෂයේ ප්‍රධානීන් සිය අපේක්ෂකයන්ට මුලින් දැනුම් දී ඇත්තේ ඔවුන් තරග කරන කොට්ඨාස වල වලංගු ඡන්දවල ප්‍රතිශතය අනුව වැඩිම ප්‍රතිශතයට හිමිකම් කියනු ලබන මන්ත්‍රීවරයා හා දෙවැනියට වැඩිම ප්‍රතිශතයක් ලබන මන්ත්‍රීවරුන්ට පළාත් පාලන ආයතනවල සභාපති උපසභාපතිකම් පිරිනමන බවට පොරොන්දු දී තිබීම නිසාය.

මේ අතර, හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා කියා සිටින්නේ ජයග්‍රහණය කරන කිසිවකුට තම තමන්ගේ අභිමතය අනුව වැඩ කිරීමට නොදෙන බවයි.

එසේම ඉදිරියේ දී බුද්ධිමතුන්ගෙන් සමන්විත ගම්සභා පිහිටුවීමට හැකියාව ලැබි ඇති බවත් ඔවුන් යටතේ සංවර්ධන කටයුතු කළ හැකි බවත් ඒ මහතා කියා සිටී.

දූෂණ නැති කිරීම සඳහා තම පක්ෂය සදාචාරාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් පෙර වූ වැරදි අධ්‍යයනය කර ඒවා මින් ඉදිරියට සිදු නොවීමට වගබලා ගන්නා බවත් රාජපක්ෂ මහතා පැවසීය.

No comments:

Info Sri Lanka TV

Powered by Blogger.