නීතිය හා සාමය රනිල් ගත්තෙ සති 2කට?


නීතිය හා සාමය අමාත්‍ය ධූරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බාරගෙන ඇත්තේ සති දෙකක කාලයකට බව Sri Lanka Mirror වෙබ්අඩවිය වාර්තා කරයි.

අදාළ අමාත්‍ය ධූරය ලබාදීමට අගමැතිවරයා යෝජනා කර ඇත්තේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට බවත්, එම ධූරය ඔහුට ලබාදීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇමතිවරුන් විරෝධය දැක්වීම නිසා එම අර්බුදය විසඳාගන්නා තෙක් අගමැතිවරයා එම අමාත්‍යංශය බාරගෙන ඇති බව පැවසේ.

කෙසේවුද, ෆොන්සේකා මහතාට අදාළ අමාත්‍ය ධූරය ලබා නොදෙන්නයි පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද, නාහිමිවරු කිහිපනමක් හා සිවිල් ක්‍රියාකාරීන් ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

නීතියෙන් දඬුවම් වින්ද අයකුට කොහොමද නීතිය හා සාමය දෙන්නේ

මේ අතර, ප්‍රධාන නාහිමි නමක් ජනපතිවරයා අමතමින් නීතියෙන් දඬුම් වින්ද අයකුට නීතිය හා සාමය ලබාදෙන්නේ කෙසේදැවි විමසා ඇති බවද පැවසේ.

ජනපති සුබ පතයි !

අලුතින් පත් කරන ලද කැබිනට්, රාජ්‍ය හා නියෝජ්ය ඇමතිවරුන්ට සුබ පතමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන අමාත්‍ය මණ්ඩලයේද ඉතා ඉක්මන් වෙනස්කම් සිදුවනු ඇතැයි පවසමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ට්විටර් පණිවුඩයක් නික්තුකර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වෙනස්කම් තවත් සති දෙකකින් සිදුවන බව මේ අතර ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

No comments:

Latest Video

Powered by Blogger.