2020දී නැවතත් ජනපති මෛත්‍රී.


අඩුපාඩු සකස් කරගෙන 2020 වස‍රේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත ජනාධිපති කරවීමේ කටයුත්ත සිදුකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

මීට අමතරව ගෙවීගිය වසර තුනක කාලයක් තුළ සිදුකිරීමට නොහැකි වූ වැඩ කටයුතු ඉදිරි වසර දෙක තුළ සිදුකරන බවත්, පසුගිය මැතිවරණයේදී අඩුපාඩු හදාගන්නා ලෙසට පණිවුඩයක් ලබාදී තිබෙන බවත් එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.

පක්ෂ, පාට නොසලකා රට ගොඩගැනීමේ කාර්යයට සියලුම දෙනා දායකත්වය ලබාදිය යුතු බවද ඔහු පවසා සිටියේය.

ඊයේ (26දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වංචාවෙන්, දූෂණයෙන් තොර වේදිකාවක් සකස් කළ බවයි.

2015 ජනවාරි 08 වැනිදාසහ අගොස්තු 17 ලබාදුන් ජනවරමට අනුව අබමල් රේණුවක් හෝ අඩු නොකර වැඩ කටයුතු කරන බවද ඒ මහතා පවසා සිටියේය.

මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය කළ හා නොකළ සෑම පළාත් පාලන ආයතනයක්ම දියුණු කිරීමට අවශ්‍ය වැඩ කටයුතු කරන බවත්, මැතිවරණයෙන් පත්වූ සෑම සභිකයෙකු හරහාම ආණ්ඩුවේ වැඩපිළිවෙළගමට ගෙනයෑමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

මෙවර මැතිවරණයේ ප්‍රතිඵලයට අනුව රට නැගිටුවීමටවේලාව ඇවිත් ඇතැයි පණිවුඩයක් ලැබී තිබෙන බවද ඔහු සඳහන් කළේය.

මැතිවරණයේ පරාජය පක්ෂ ලේකම්වරයා විසින්බාරගත යුතු බව කියනවානම් එය භාර ගැනීම ප්‍රශ්නයක් නොවන බවත්, එහෙත් මැතිවරණය දියත් කිරීම සඳහා නායකයන් කිහිප දෙනෙකු සිටි බවත් හෙතෙම සඳහන් කළේය.

Powered by Blogger.