හොකී ව්‍යාපෘති නිලධාරිනියගේ ජවනිකා මැද ඇමති බුදි ද?


සංචාර යාම සදහා කප් ගසා ඇති හොකී ව්‍යාපෘති නිලධාරිනී තමරා ලියනගේ අඩුම ගානේ ක‍්‍රීඩා නීතියවත් නොදැන කිසිම හොකී සංගමයකටවත් නොදන්වා සංචාර පමණක් ලහි ලහියේ සංවිධානය කරයි.

පසුගිය සතියන්හිි පැවැති ජාතික ශූරතා තර`ගාවලියේදීවත් කිසිම සංචාරයක් තිබෙන බවට කිසිම සංගමයකටවත් නොදන්වා ඇයගේ ගෝල බාලයන් හා හොකී නොගහපු පාසල් ක‍්‍රීඩාවෙන් ද ඉවත් කල ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්වරයාගේ සමීප මිතුරකු වන පුහුණුකරුවකුගේ මග පෙන්වීම යටතේ වත්මන් කණ්ඩායම් නායක එස්. එස්. ප‍්‍රියලංකා හා උප නායක මධුරංග විජේසිංහගේ සංචාර යාම ආශාව මත මෙය ඉතා සුක්‍ෂම ලෙස සූදානම් කරයි. 

ක‍්‍රීඩකයින් සංචාර යා යුතුයි. නමුත් ඒ සබැදිව නිවැරදි පිලිවෙත සංගම් ප‍්‍රධානීන්ගේ අදහස් ලබා ගැනීම මිස ක‍්‍රිඩකයින් උසි ගන්වා තමන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීම නොදත් තමාරා, පසුගිය වකවානුවේ දැල්පන්දු ක‍්‍රීඩාවද විනාශයට ඇද දැමුයේ ක‍්‍රීඩිකාවන්ගේ නායකත්වය හා ක‍්‍රීඩිකාවන් උසි ගන්වා ගැටලූ ඇති කිරීම බව මුලූ රටම  දන්නා වුවත් ක‍්‍රීඩා ඇමතිතුමා හා අධ්‍යක්‍ෂකතුමා නොදන්නේ ද? 

තවද, මෙහි තේරීම් කමිටු සභාපති යනු පසුගිය නිලවරණයට එරෙහිව ක‍්‍රීඩා අමාත්‍යාංශයට විරුද්ධව ගරු අධිකරණයේ නඩු පැවරූ ජේෂ්ඨ පොලිස් නිලධාරියෙකි. 

එමෙන්ම පසුගිය නිලවරණයේ ගරු සභාපති ධූරයට තර`ග වැදීම ස`දහා බී. ජී. ආර්. ප‍්‍රනාන්දු ඉදිරිපත් වූ වත් ඔහු ද ගරු අධිකරණයේ පාර්ශවයක ලෙස නම් කර තිබීයදී නැවත තේරීම් කමිටු සාමාජිකයකු ලෙස නැවත කරන්නේ ඉතා සූක්‍ෂම ලෙසය. 

මෙහි සැහවුනු විශේෂත්‍වය ක‍්‍රීඩා බලධාරීන්ට නොදැනුනත් ව්‍යාපෘති නිලධාරීනි නම් දනි. දර්ශන විජේසිංහ මහතාගේ ගෝලයකු වන වත්මන් නායක එස් . එස්. ප‍්‍රියලංකාත්, යුධ හමුදා විශ‍්‍රාම නිලධාරියකු වන බී. ජී. ආර්. ප‍්‍රනාන්දුගේ සමීපතම ගෝලයකු වන යුධ හමුදාව නියෝජනය කරන උපනායක මධුරංග විජේසිංහත් ය. 

මේ සියලූ දෙනා දූෂණ පරිපාලනයේ සංචාර ස`දහා කප්ගසා ඇති අයවලූන් වීම රටම දන්නා කරුණකි. 

දක්‍ෂ ක‍්‍රීඩකයන් යුධ හමුදාවේ ත‍්‍රිවිධ හමුදාවේ, ශ‍්‍රී ලංකා පොලිසීයේ සිටියත් සිමිත පිරිසක් වන මොවුන් නිසා එම ආයතන වලටද අනිකුත් ක‍්‍රීඩකයින්ගේ නමට ද විශාල හානියක් බැව් ප‍්‍රවිණයන්ගේ අදහසයි. 

මෙම නිලධාරීන්ට ද කිසිම ලජ්ජාවක් නැති අයවලූන් වීමත් හොකී ප‍්‍රවීනයන්ගේ අප‍්‍රසාදය දිගින් දිගටම මොවුන් හට පලවේ. 

(විශේෂ වාර්තාකරුවෙක් විසිනි)

No comments:

Info Sri Lanka TV

Powered by Blogger.