රාජිත ගැන බොරු කියූ ලංකාදීපෙට ලිපියක්!

රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිදුකළ බව කියමින් ඊයේ (15 දා ) ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ පල කර තිබූ ප්‍රවෘත්තිය මුළුමනින්ම අසත්‍ය බවත් තමා එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ප්‍රකාශ කළ බව පවසමින් " කැබිනට් සංශෝධනයක් මුදල් - නීතිය හා සාමය ශ්‍රීලනිපයට ජනපති තීරණය කර ඇතැයි රාජිත කියයි" යනුවෙන් පුවතක් ඊයේ දිනයේදී ලංකාදීප පුවත්පතේ පලකර තිබුණි.

මෙම පුවත බරපතල අසත්‍ය ප්‍රවෘත්තියක් බවත් එවැනි පුවතක් වෙනත් මාධ්‍යකින් ප්‍රචාරයවීමක් හෝ පලවීමක් සිදු නොකළ බවත් ඔහු එම නිවේදනයේ සඳහන් කර ඇත.

තවද එවැනි දෙයක් පැවසීමට තම සිතුවේවත් නැති බව පවසන අමාත්‍යවරයා මේ පිළිබඳව සැකහැර දැන ගැනීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හුමවේ සම්පූර්ණ පටිගත කිරීම නරඹන ලෙසද ඉල්ලා සිටී.

එබැවින් මෙම ප්‍රවෘත්තිය අසත්‍ය පුවතක් බව ප්‍රකිශ කරමින් නිවැරදි කිරීමක් ඉහත ප්‍රවෘත්තියට ලබාදුන් ප්‍රමුඛතාව ලබාදී ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ පල කරන මෙන් අමාත්‍යවරයා එම පුවත්පතේ කර්තෘගෙන් ඉල්ලා සිටී.


No comments:

Info Sri Lanka TV

Powered by Blogger.