යහපාලනය කඩාවැටුණොත් ජිනීවා සමුළුව හරහට.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමගි වී  තවදුරටත් සම්මුතිවාදී රජය පවත්වාගෙන නොගියොත් ලබන මාර්තුවේ ජිනීවාවලදී ඇරැඹෙන ජගත් මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට බරපතළ ප්‍රතිවිපාක විඳින්නට සිදු වනු ඇතැයි අමෙරිකානු තානාපතිවරයා ප්‍රමුඛ නායකයන් ගණනාවක් රජයට දැනුම් දී තිබේ.

සම්මුතිවාදී රජය මානව හිමිකම් විෂයයෙහි කළ යුතු ප්‍රතිසංවිධාන සහ ක්‍රියාමාර්ග සඳහා ජාත්‍යන්තර ප්‍රජාව මෙතෙක් කල් ලබා දී තිබිණි. එහෙත් සම්මුතිවාදී ආණ්ඩුව රැක නොගතහොත් තත්ත්වය බරපතළ විය හැකි බව මෙම තානාපතිවරු ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට දන්වා ඇත.

අමෙරිකානු තානාපති අතුල් කෙශාප්, ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්දු සහ යුරෝපා ප්‍රජාවේ තානාපතිවරුන් ගණනාවක් පසුගියදා රජයේ නායකයන් අමතා මෙම අවවාදය කර තිබේ.

(Deshaya)

No comments:

Info Sri Lanka TV

Powered by Blogger.