මහරගම විකෘතිය , ප්‍රකෘතියක් කරන්න ධනුෂ්ක ඉදිරිපත් වෙයි.


මෙවර පළාත් පාලන මැතිවරණය සම්පූර්ණ විකෘතියක් බවට හොඳම සාක්ෂිය මහරගම බවත් මහරගම නගර සභාවේ බලය බයිසිකලය ලකුණින් තරග කළ 25 දෙනාගෙන් 20 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ආසනයේ බඩල්ගම මාමයිට් ජනපදයේ අය බවත් තිදෙනෙකු වැල්ලවත්තේ සහ දෙදෙනෙකු පන්නිපිටියේ ප්‍ර‘දේශවාසීන් බවත් මහරගම නගර සභාවට තරග කළ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කණ්ඩායම පවසයි.

ඉන් අවුරුදු 80 ඉක්ම වූ තිදෙනෙකු, අවු.21 ගැහැණු ළමුන් දෙදෙනෙකු ද වේ. එමෙන්ම අතිරේක ලැයිස්තුවට ඉදිරිපත් කොට ඇති 19 දෙනාගෙන් 12 දෙනෙකු කොළඹ ආමර් වීදියේ පදිංචිකරුවන් වන අතර, ඉතිරි 07 දෙනා බඩල්ගම පදිංචිකරුවන්ය. එම 19 දෙනාගෙන් 11 දෙනෙකුම අවුරුදු 65 ඉක්මවා ඇති බව ඔවුහු පෙන්වා දෙති. 

එහි ඇති බරපතලම තත්ත්වය වන්නේ මහරගම අපේක්ෂක ලැයිස්තුවේ නම් ඇති බඩල්ගම කිසිඳු අපේක්ෂකයෙකු තමන් මැතිවරණයකට ඉදිරිපත් වූ බව නොදැනීම බවද ඔවුහු පෙන්වා දෙති. එමෙන්ම මැතිවරණ කාලසීමාව තුළදී මහරගම කිසිදු කොට්ඨාසයක තම නමින්, රුවින් හෝ වෙන කිසිඳු ආකාරයකින් මැතිවරණ ප්‍රචාරණයේ නිරත නොවූ බවද මෙම කණ්ඩායම පවසයි. 

ඇති වී ඇති තත්ත්වය පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන එක්සත් ජාතික පක්ෂ මහරගම අපේක්ෂක කණ්ඩායමේ වැඩිම ඡන්ද ප්‍රතිශතය හිමිකරගත් ධනුෂ්ක රාමනායක මහතා, ,"2017 අගෝස්තු මස 31 වැනි දින පාර්ලිමේන්තුවේ සම්මත වූ පළාත් පාලන සංශෝධන පනතේ ප්‍රමුඛ අභිලාශයක් වූ කොට්ඨාසයට වග කියන, කොට්ඨාසයේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින කොට්ඨාසයේ නාගරික මන්ත්‍රීරයෙකු තෝරා පත් කර ගැනීමයි. එම නීතිමය තත්ත්වය දැන දැනම, මහරගම ජනතාවට හිමිවීමට තිබූ සුවිශේෂී අවස්ථාවක් මුග්ධ දේශපාලන කණ්ඩායමක පටු වෛරී අරමුණක් වෙනුවෙන් බිල්ලට දීලා. 

පොදුජන එක්සත් පෙරමුණ නාම යෝජනා සැකසීමේදී සිදු කළ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මැතිවරණ කොමිසමෙන් මෙන්ම ශේෂ්ඨාධිකරණයෙන්ද ප්‍රතික්‍ෂේප විය. තම වරද වසා ගැනීමට දැන දැනම මහරගම ජනතාව බිල්ලට දී තම බල තණ්හාව වෙනුවෙන් කටයුතු කළා. 

යථාර්ථය නම් මැතිවරණය කොමසාරිස්වරයාට මහරගම නගර සභිකයන් ලෙස ගැසට් කරනුයේ බඩල්ගම, මාමයිට් ජනපදයේ 20 දෙනා ප්‍රමුඛ 25 දෙනායි. යම් ආකාරයක ඉවත්වීමක් සිදුවුවහොත් කණ්ඩායම් නායක ඇතුළු අපේක්ෂකයන් 25 දෙනාද, ලැයිස්තුවේ 19 දෙනාද, පෞද්ගලිකව විත් විධිමත් හේතු සාධක සනාථ කොට දිවුරුම් ප්‍රකාශ මැතිවරණ කොමසාරිස්වරයා වෙත දිය යුතුයි. එවන් අවස්ථාවක 2012 පළාත් පාලන ඡන්ද විමසීම් සංශෝධන පනත යටතේ මැතිවරණයෙන් ප්‍රතික්‍ෂේප වූ හෝ නීතියෙන් ප්‍රතික්‍ෂේප වූ හොක් කිසිඳු අපේක්ෂකයෙකුට හිස්වන සභිකධූර සඳහා ඉදිරිපත් විය නොහැක. 

එක්සත් ජාතික පක්ෂයේ සභිකයින් 11 දෙනෙක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ පස්දෙනා බැගිනුත්, ස්වාධීන කණ්ඩායම් අංක 01 ට හිමි වූ එක් සභිකධූරයක් ප්‍රමුඛ අප විපක්ෂයේ මුඛ්‍ය අරමුණ වනුයේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මහජන සුභ සාධනය හා මහරගම සංවර්ධනය වෙනුවෙන් උර දී වෙහෙසි කටයුතු කිරීමයි. 

කවර හෝ අවස්ථාවක යම් අයෙක් හෝ කණ්ඩායමක් පටු, වෛරී දේශපාලනික අරමුණු වෙනුවෙන් මහරගම නගර සභාවත්, මහරගමත් අරාජික කිරීමට උත්සාහ කරන්නේද, ඊට එරෙහිව එය පරාජය කිරීමට සැවොම එක් වී කටයුතු කිරීමේ අත්‍යන්ත අවශ්‍යතාව කවර කවමදාකටවත් වඩා වර්තමානයේදී මහරගමට අවශ්‍ය වී තිබෙන බවයි අපේ අදහස.

ඒ සඳහා මා ද ඇතුළු එක්සත් ජාතික පක්ෂය යටතේ කොට්ඨාස 25 තරග කළ සෑම දෙනාම එකාමෙන් පෙරට පැමිණෙනවා. මහරගම සමස්ථ ජනතාවගේ පූර්ණ සහයද ඊට ලබාදෙන මෙන් අපේ කණ්ඩායම වෙනුවෙන් ඉල්ලා සිටිනවා. " යැයි පැවසීය. 

No comments:

Info Sri Lanka TV

Powered by Blogger.