බ්‍රිතාන්‍යයේ දී 'මරණීය' ඉඟිපෑ බ්‍රිගේඩියර් යළි දිවයිනට.


බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මෙරටින් කරන ලද කැඳවීමකට අනුව අද (21 වැනිදා) යළි ශ්‍රී ලංකාවට පැමිණෙයි.

නිදහස්‌ දිනය යෙදුණු ඉකුත් පෙබරවාරි හතර වැනිදා බ්‍රිතාන්‍යයේ  ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලය මගින් පැවැත්වූ නිදහස්‌ සමරු උත්සවයට විරෝධය දක්‌වමින් ශ්‍රී ලාංකීය දෙමළ ජාතිකයින් පිරිසක් විසින් දියත් කළ උද්ඝෝෂණයේදී ඔවුන්ට කළ 'මරණීය' ඉඟි කිරීමක්‌ හේතුවෙන් ඔහුට බරපතල චෝදනාවක් එල්ලවිය.


එහිදී වහාම ඔහුගේ සේවය අවසන් කර යළි ශ්‍රී ලංකාවට කැඳවීමට විදේශ ඇමැතිවරයා කටයුතු කළද පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් බ්‍රිගේඩියර්වරයා යළි සේවයේ පිහිටුවීම ට කටයුතු කෙරිණි.

බ්‍රිගේඩියර්වරයා මරණීය තර්ජන එල්ල කළ බව පවසමින් බ්‍රිතාන්‍යයේ ජෝන් රයන්, සිමෝන් මැක්‌ඩොනා සහ පෝල් ස්‌කලී යන එරට පාර්ලිමේන්තු මන්ත්‍රිවරියෝ දැඩි ලෙස චෝදනා එල්ල කිරීමත් සමග මෙම සිද්ධිය රාජ්‍යතන්ත්‍රීක අර්බුදයක් දක්වා උත්සන්න විය.

ඉකුත් සතියේ යළිත් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවූ පිරිස් පසුව බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්‌ඩල කාර්යාලය වෙත පැමිණිල්ලක්‌ කිරීමටද ක්‍රියා කර තිබිණි.

 බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යළි මෙරටට කැඳවීමට හේතු වූයේ කුමක්‌ද යන්න මේ වන විට අභිරහසක්‌ බවට පත්ව ඇත.

No comments:

Info Sri Lanka TV

Powered by Blogger.