Ad

ඔලිම්පික් කමිටුවේ නව සභාපති සුරේෂ් සුබ්‍රමනියම්.


ජාතික ඔලිම්පික් කමිටුවේ නව සභාපතිවරයා ලෙස සුරේෂ් සුබ්‍රමනියම් මහතා පත්ව තිබෙනවා. ඔලිම්පික් කමිටු නිළවරණය අද (23) පැවති අතර එහිදී සභාපතිධූරය සඳහා තරග කළ රොහාන් ප්‍රනාන්දු මහතා වැඩි ඡන්ද 06 කින් පරාජයට පත් කරමින් සුබ්‍රමනියම් මහතා සභාපතිධූරයට සඳහා සුදුසුකම් ලබා තිබේ.

සුබ්‍රමනියම් මහතා ඡන්ද 18 ක් ලබාගත් අතර රොහාන් ප්‍රනාන්දු මහතාට ලබාගැනීමට හැකිවූයේ ඡන්ද 12 ක් පමණි. එක් ඡන්දයක් ප්‍රතික්ෂේප වී තිබේ.

සුරේෂ් සුබ්‍රමනියම් මහතා ඔලිම්පික් නිළවරණයට ඉදිරිපත් වූයේ ශ්‍රී ලංකා ටෙනිස් සම්මේලනයේ උප සභාපතිවරයා ලෙසයි.

මේ අතර ලේකම්ධූරයට සඳහා තරග වැදුණු හිටපු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා ඡන්ද 19 ක් ලබාගැනීමට සමත් වූ අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ ප්‍රීති පෙරේරා මහතාට හිමිවූයේ ඡන්ද 12 ක් පමණි.

No comments:

Powered by Blogger.