මහින්ද ඉන්දියාවේ : නාමල් එංගලන්තයේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (27) අලුයම ඉන්දියාවේ බැංගලෝර් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියේය .

රාජපක්ෂ මහතා සමඟ ලොහාන් රත්වත්තේ ,ලේකම් උදිත ලොකුබණ්ඩාර යන මහත්වරුන් ද ඇතුළුව දුත පිරිස හයක් මේ සඳහා එක්ව සිටි බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සංචාරය නිමා කර අද (27) රාත්‍රී 10.30 ට දිවයිනට පැමිණීමට නියමිතය.

නාමල් - බෝරිස් එක්ක

මේ අතර එංගලන්තයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සැසි වාරයකට සහභාගිවීමට නාමල් රාජපක්ෂ මහතා එංගලන්තයට ගොස් සිටී.

නාමල්, පොදු රාජ්‍ය මණ්ඩලිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සැසි වාරය අතරතුර, විදේශ කටයුතු හා පොදුරාජ මණ්ඩල කටයුතු පිළිබඳ එක්සත් රාජධානියේ රාජ්‍ය ලේකම් බෝරිස් ජොන්සන් මහතා සමඟ ගත් සෙල්ෆි ඡායාරූපයක්ද සිය ට්විටර් ගිණුමට මුදාහැර තිබේ.


No comments:

Info Sri Lanka TV

Powered by Blogger.