වඳ බෙහෙත් ගැන විද්‍යාත්මක සටහනක්!


වඳ බෙහෙත් මිශ්‍ර කල ආහර සම්බන්ධයෙන් රටේ යලිත් කතාබහක් ඇතිවි තිබේ.ඊට සම්බන්ධ ආසන්නතම සිදුවිම වාර්තාවන්නේ අම්පාර නගරයේ හෝටලයක වඳ බෙහෙත් මිශ්‍ර ආහර අලෙවි කිරිමේ සම්බන්ධයෙන් ඇතිවු බහින් බස්විමෙන් පසු හටගත් කලබලයකින් පසු වෙළඳසැල්, වාහන කිහිපයකට සහ දේවස්ථානයකට හානි සිදුවිමේ සිද්ධියෙන් පසුවයි.සැබෑවටම එලෙස වඳ බෙහෙත් යනුවෙන් ඖෂධ වර්ග තිබේද ? එලෙස ඖෂධ වර්ග තිබේ නම් ඒවා ආහාර හෝ ඇඳුම්වලට මිශ්‍ර කර වඳ භාවයට පත් කල හැකිද ? ඒ සම්බන්ධව විද්‍යත්මක සටහනකි මෙය..

දැනට පිළිගත් නවීන බටහිර වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමය තුල “වඳ“ බෙහෙත් කියා කිසිවක් හඳුන්වාදී නොමැත.ඒ අනුව ඇඳුමක, කෑමකට බෙහෙත් කවලම් කර ජීවිත කාලෙටම “වඳබව“ ඇති කල හැකි බෙහෙතක් හෝ රසායනිකයක් ඖෂධයක් වශයෙන් යොදා ගැනෙන්නෙ නොමැත.ඒ වෙනුවට ඇත්තේ වෙනත් ක්‍රමවලින් වඳභාවය ඇතිකරවන ශල්‍යමය හා ඒ ආශ්‍රිත චිකිත්සීය ක්‍රම පමණයි.නමුත් මත් ද්‍රව්‍ය දිර්ඝ කාලිනව භාවිතා කිරිමෙන් පිරිමින් සහ කාන්තාවන් වඳ භාවයට පත්විය හැක උදාහරණයක් ලෙස අරක්කු, සිගරට්, ගංජා, කසිප්පු හෙරොයින් ඇතුළු මත් ද්‍රව්‍ය නිතරම භාවිතා කිරිම දැක්විය හැක..

කෙසේ වෙතත් කෙනෙක්ව වඳ කල හැකි ක්‍රම කිහිපයක් ඇත.ලූප් ක්‍රමය ඉන් එකකි ඒ මඟින් තාවකාලිකව වඳ කිරිමක් සිදුවේ.තවද ලිංගික සංසර්ගයේදි උපත් පාලන කොපුවක් පාවිච්චි කිරිම තවත් ක්‍රමයකි.එසේ නොමැති නම් උපත් පාලන පෙති භාවිතා කල යුතුය.නමුත් උපත් පාලන පෙත්තකින් තාවකාලිකව වඳ කිරිමක් පමණි සිදුවන්නේ. ඒවා ආහාර සමඟ මුසු කර එලෙස වඳ කල නොහැකිය.දීර්ඝකාලීනව වඳ භාවයට කිරිමට නම් කාන්තාවකගේ ගර්භාෂය ඉවත් කල යුතුය.එය LRT හඳුන්වනු ලබයි. ඒසේ නොමැතිව බෙහෙත් ඇඟේ තවරමින්, අහාරවලට මිශ්‍ර කරමින් හෝ ඇඳුම්වල තැවරිමෙන් වඳ භාවයට පත් කල නොහැක.එලෙස ක්‍රම සහ විධි තිබෙනවා නම් ඔබට පහත කොමන්ට්ටුවක් ලෙස අදහස් දැක්විය හැකිය.

දන්නා තරමින් ලෝකයේ කිසිම රටක කෑමට හෝ ඇඳුම්වලට මිශ්‍ර කල හැකි වඳ බෙහෙත් නමින් ඖෂධ වර්ගයක් සොයාගෙන නොමැත.එලෙස ඖෂධ වර්ගයන් ඇත්නම් ප්‍රථමයෙන්ම සිදුවන්නේ දියුණු ජාතින් විසින් අපි සියල්ල වඳ කිරිමයි. එහෙත් එවැනි දෙයක් ලෝක ඉතිහාසයේ සිදුවි ඇති බවට සාධක නොමැත..

රජය මෙම ප්‍රශ්නයට වහාම මැදිහත්විය යුතුය එය රජයේ වගකිමකි.රජයේ රස පරික්ෂක දෙපාර්තුමේන්තුව මඟින් වර්තමානයේ කරලියට පැමිණ ඇති වඳ බෙහෙත් සම්බන්ධව සත්‍ය අසත්‍යතාවය පිළිබඳව විධිමත් පූර්ණ පරික්ෂණයක් පවත්වා ඒ පිළිබඳව නිල ප්‍රකාශයක් මහජනතාව වෙත සිදුකල යුතුය මන්ද බහුතරයක් ජනතාව මෙහි සත්‍ය අසත්‍යතාවය සම්බන්ධව නොදැනුවත්ව සිටිමට හැකියාවක් ඇති නිසාය.මෙම කරුණ සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයකින් පසු මෙහි ඇත්ත නැත්ත සමාජගත නොකිරිමෙන් සමාජජාලා වෙබ් අඩවිවල පළවන තහවුරු නොකරන ලද පුවත් විශ්වාස කිරිමෙන් මෙවැනි අවාසනාවන්ත සිදුවිම් අසන්නට ලැබේ. මේ මඟින් අනාගතයේ ඇතිවිය හැකි අනවශ්‍ය වර්ගවාදි ගැටුම් වැලක්විය හැක නැතහොත් අනවශ්‍ය ගැටුම් ඇතිවිමෙන් රට අවුලෙන් වියවුලට යෑම කිසිවෙකු විසින් වැලක්විය නොහැකිය..

©Farhaan Nizamdeen
2018/02/27

No comments:

Latest Video

Powered by Blogger.