ඇලෝසියස් සහ කසුන් ප්‍රභූ කුටියකට.


පර්පචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධානි අර්ජුන් ඇලෝසියස්‌ සහ එම සමාගමේ විධායක නිලධාරි කසුන් පලිසේන කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ "ඊ" කොටසේ විශේෂ ආරක්ෂාවක් සමග විශේෂ ප්‍රභූ සිර මැදිරියකට යොමු කළ බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ 1970 දශකයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සිරගත කොට සිටියේ එම කුටියේ බවයි.

මෙම කුටියට වෙනත් පිටස්තරයෙකුට පැමිණිය නොහැකි සේ විශේෂ ආරක්ෂාවක්ද සපයා තිබේ.

කෙසේ නමුත් බන්ධනාගාර ජනරාල් නිශාන්ත ධනසිංහ මහතා පැවසුවේ එලෙස විශේෂ වරප්‍රසාදයක් හෝ පහසුකමක් මෙම කුටියට නොලැබෙන බවයි.

No comments:

Latest Video

Powered by Blogger.