චෙක් සමඟ අන්‍යෝන්‍ය සහයෝගීතා ගිවිසුමක්.


ශ්‍රී ලංකාව හා චෙක් ජනරජය අතර අන්‍යෝන්‍ය සහයෝගීතා ගිවිසුමක් අත්සන් කළ බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි. අද (07) දින කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මලික් සමරවික්‍රම මහතා මෙසේ කියා සිටියේය.

“චෙක් ජනරජයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර අන්‍යෝන්‍ය සහයෝගීතා ගිවිසුමක් අද අත්සන් කළා. මධ්‍යම යුරෝපයේ රටක් වන චෙක් ජනරජය ඉතාම දියුණු රටක්. චෙක් රටේ ඒක පුද්ගල ආදායම 2016 දී ඇමරිකානු ඩොලර් 38,200 ක්. ඒ ගෝල්ලන්ගේ ආර්ථිකය දවසින් දවස දියුණු වෙනවා.“

“මේ ගිවිසුම තුළින් අපේ අපනයන හා ආයෝජන දියුණු කර ගන්න පුළුවන්. අපි කල්පනා කරනවා අපේ අපනයන ගැන ඔවුන්ට පෙන්වා දෙන්න හා ඔවුන්ගේ කර්මාන්ත මෙහෙට ගේන්න.“

“සංචරක ව්‍යපාරය දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා මේ ගිවිසුම තුළින්. චෙක් ජනරජයේ වාහන කර්මාන්තය දියුණු වෙලා තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය අමතර කොටස් මෙහෙ නිපදනවන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. ඒ වගේම ලංකාවෙන් ඇඟළුම්, පොල්, රබර්, තේ, පළතුරු, එළවළු, මුහුදු ආහාර අපනයන කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ තාක්ෂණය අපිට ලබා ගන්න පුළුවන්.“

No comments:

Info Sri Lanka TV

Powered by Blogger.