අර්ජුන් රෝහල්ගතවෙන්න ඉල්ලු බව පට්ට පල් බොරුවක්!


රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධානී අර්ජුන් ඇලෝසියස් මහතා, බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවට පැතිර ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බව ඔහුගේ බිරිය අන්ජලී (Anjali) ඇලෝසියස් මහත්මිය පැවසුවාය.

ඇය මේබව කියා සිටියේ ශ්‍රී ලංකා මිරර් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදීය.

ඊට වඩා යමක් තමාට පැවසිය නොහැකි බව ද ඇය කීවාය.

කෙසේවුවද, අර්ජුන් මහතා කොන්දේ අමාරුවකින් පෙළෙන බව සත්‍යක් බව බන්ධනාගාර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කසුන් පලිසේන, මහතා නම් දීර්ඝ කාලයක සිට කොන්දේ අමාරුවකින් පෙළෙන බව මේ අතර වාර්තා වේ.

ඔහු ඒ සඳහා කළක සිට ප්‍රතිකාර ලබාගෙන ඇති බවද පැවසේ.

No comments:

Info Sri Lanka TV

Powered by Blogger.