ජාතික හොකී ශූරතාවයේ තරඟ පාවාදීම පිළිබඳව තවත් හෙළිදරව්වක්!!!


පසුගියදා පැවති ජාතික හොකී ශූරතාවයේ අනු ශූරයන් වූ  රාජ්‍ය සේවා  කණ්ඩායමට විරුද්ධව එල්ල වූ චෝදනාව පිටුපස කී‍්‍රඩා අමාත්‍යවරයා හා කී‍්‍රඩා  අධ්‍යක්‍ෂක වරයා නොමග යවා සූක්‍ෂම ලෙස පොලිස් නිලධාරීන් හඹා යන කී‍්‍රඩා අමාත්‍යංශයේ හොකී ව්‍යාපෘති නිලධාරිනී තමරා ලියනගේ ඇති බවට සනාත වීමට කරුණු වන්නේ ඇය, නියෝජනය කරන්නෙද මාතර දිස්ති‍්‍රක්කයයි. හිටපු දූෂිත හොකී පරිපාලනයේ සභාපති නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතාද කලින් මාතර දිස්ති‍්‍රක්කය භාර ජේ්‍යෂ්ඨ පොලිස් නිලධාරියෙකි. ඔහුද එවකට රාජ්‍ය සේවා හොකී සංගම් සභාපතිය. 

වත්මන් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක S.S. පි‍්‍රයලංකා  වත්මන් ජාතික කණ්ඩායම නියෝජනය කරන්නේ මාතර දිස්ති‍්‍රක්කයෙනි. ඔහුද රාජ්‍ය සේවා කණ්ඩායමේ කි‍්‍රඩකයෙකි. 

එසේම ඔහුගේ නායකත්වය  ලබා දීමේදී ද  ජේ්‍යෂ්ඨයින් පලවා හැර ඔහුට නායකත්වය ලබා දීමට වත්මන් ව්‍යාපෘති නිලධාරිනිය සූක්‍ෂම ලෙස කටයුතු කලේය. හොකී ප‍්‍රවීනයන් මේ සබැදිව කී‍්‍රඩා ඇමතිතුමා වෙත දිගින් දිගටම කරුණු ඉදිරිපත් කරන ලදි. එයද දැක නොදැක සිටියේය.

මාතර සංගම් භාර  නිලධාරී ලෙස M.T. මහේෂ් කටයුතු කරයි. ඔහුද රාජ්‍ය සේවා කණ්ඩායමේ කීඩකයෙකි. ඔහු මාතර කණ්ඩායමේ පුහුණුකරුද වේ.

තවද වසර 10ට ආසන්න කාලයක් තේරීම් කමිටු සභාපති ලෙස කටයුතු කර ජේ්‍යෂ්ඨ පොලිස් නිලධාරී දර්ශන විජේසිංහ විසින් 2015 පැවති  හොකී නිලවරණයට විරුද්ධව කි‍්‍රඩා  අමාත්‍යංශට ගරු අධිකරණයේ නඩු පවරන ලදි . ඔහුවම නැවත තේරීම් කමිටු සභාපති ලෙස පත්කිරීමට පෙර මේ සබැදිව සියලූම කි‍්‍රයාකාරී හොකී සංගම් ඇමතිතුමා දැනුවත් කලත් එයද නොදන්නා සේ නැවත පත්වීම ලබා දෙන ලදි. 

මෙම ව්‍යාපෘති නිලධාරීනිය ඉවත්කර දෙන ලෙද සියලූ හොකී සංගම් කීප වතාවක් ඇමතිතුමාට දැනුවත් කලත් ඒ සඳහා කිසිම පියවරක් තවමත් ගෙන නොමැත.

මෙවැනි නිලධාරීන් සිටීමෙන් කි‍්‍රඩා අමාත්‍යවරයාට හා කි‍්‍රඩා අමාත්‍යංශයට විශාල හානියක් සිදුවන අතර, දක්‍ෂ කී‍්‍රඩක කි‍්‍රඩිකාවන් කීප දෙනෙකු දැනටමත් ක‍්‍රීඩාවෙන් සමුගෙන අවසන්ය. රාජ්‍ය ආයතන වල මෙවැනි නිලධාරීන්ගේ කි‍්‍රයා කලාපය පිළිබඳව ඉදිරියේදී ජනාධිපතිතමා දැනුවත් කිරීමට ප‍්‍රවීණයන් සැලසුම් කරන අතරම , තරඟ පාවා දීම පිළිබඳව පොලිස්පතිතුමාගේ විශේෂ අවධානය ලබා ගැනීමට සියල්ල සූදානම් කර ඇති  බැව් ආරංචි මාර්ග පවසයි. මෙවැනි නිලධාරීන් සිටීමෙන් මුලූ මහත් පොලිස් සේවයට ද ඉතාමත් හානියක් වන බැව් ප‍්‍රවීනයෝ පවසයි.

වසර 13 කට ආසන්න කාලයක් මෙම හොකී කී‍්‍රඩාව බූදලයක්  කරගෙන සිටි හිටපු සභාපති ඇතුලූ මෙම පිරිස නිසා දිනෙන් දින කී‍්‍රඩාව හිතු මතේ පාලනය වීමෙන්  පුහුණුකරුවන්ට, විනසුරුවන්ට, කි‍්‍රඩකයන්ට වූ හානිය ඉතාම කණගාටු දායකය.

කි‍්‍රඩාවේ මහ ගෙදරත් මෙවැනිම දේ සිදු කරන්නේ නම් ඒ ගැන කුමට කතාද?

(විශේෂ වාර්තාකරුවෙක් විසිනි)

No comments:

Info Sri Lanka TV

Powered by Blogger.