උදේම ඡන්ද පොළට ආපු අය මෙන්න [Photos]

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොලොන්නරුව නවනගරය ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේදී චන්දය භාවිතා කළේය. අද (10 පෙරවරුවේ ඡන්ද දායකයන් සමග පෝලීමේ සිටිමින් ඔහු ඡන්දය භාවිත කළේය. ජනපති පුත් දහම් සිරිසේන මහතාද මීට එක්ව සිටියහ.​


කොළඹ, විශ්වවිද්‍යාලයේ, විද්‍යාල මන්දිරයේ පිහිටා ඇති ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10) දින පෙරවරුවේ සිය ඡන්දය සලකුණු කළේය.

අනතුරුව අග්‍රමාත්‍යවරයා මාධ්‍ය වෙත මෙසේ අදහස් දැක්වීය,


පළාත් පාලන මැතිවරණ ඡන්ද ව්‍යාපාරය සාමකාමීව පැවැත්වීමට හැකි වූයේ එක්සත් ජාතික පක්‍ෂය හඳුන්වාදුන් නව ඡන්ද ක්‍රමය නිසා බවත්, මැතිවරණ ව්‍යාපාරය සාමකාමීව පැවැත්වීමට සහයෝගය ලබාදුන් මැතිවරණ කොමිෂන් සභාවට සහ සමස්ථ රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම සියලූ ඡන්ද දායකයින්ට තම ස්තූතිය පළ කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10) දින පෙරවරුවේ පැවැසීය. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අද (10) දින කොළඹ, විශ්වවිද්‍යාලයේ, විද්‍යාල මන්දිරය පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය සලකුණු කිරීමෙන් අනතුරුව එහිදී මාධ්‍යට අදහස් දක්වමිනි. 

හිටපු ජනපති මැදමුලනේදී ඡන්දය ප්‍රකාශ කරයි

හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද(10) උදෑසන වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහ විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණියේය.


මහින්ද රාජපක්ෂ මහතා සමග ශිරන්ති රාජපක්ෂ මැතිණිය, හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා හා  හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද එක්විය. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ඩී.ඒ.රාජපක්ෂ මහතා හා ඩී.ඒ.රාජපක්ෂ මැතිණියගේ ස්මාරකය වෙත පැමිණ පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණියහ.


මේ අතර කෑගල්ල රන්වල පුරාණ විහාරස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, අමාත්‍ය කබීර් හෂීම් අද උදෑසන සිය ඡන්දය ප්‍රකාශ කළා.


එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද කුලියාපිටියේදී සිය ඡන්දය ප්‍රකාශ කළා. ඒ කුලියාපිටිය කනදුල්ල ධර්මරාජ විද්‍යාලයේදීයි.




ග‍්‍රාමීය ආර්ථික කටයුතු පිළිබද අමාත්‍ය පී. හැරිසන් ද අද උදෑසන සිය ඡන්දය අනුරාධපුර මරදන්කඩවල ශ‍්‍රී රාහුල මහා විද්‍යාලයේදී ප‍්‍රකාශ කළා.




මේ අතර අද උදෑසන නියෝජ්‍ය අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ද සිය ඡන්දය ප්‍රකාශ කළා. ඒ බදුල්ල පිටවලගම ඡන්ද මධ්‍යස්ථානයේදී.




 ඒකාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණගුංග අද උදෑසන ගම්පහ උඩුගම්පොළ රෝමානු කතෝලික ප්‍රාථමික විද්‍යාලයේදී සිය ඡන්දය භාවිතා කළා.




No comments:

Latest Video

Powered by Blogger.