ඇමති සාගල ධූරයෙන් ඉල්ලා අස්වෙයි [Breaking]


නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයේ තවදුරටත් කටයුතු කිරීමට තමන් අකමැති බව අමාත්‍ය සාගල රත්නායක ප‍්‍රකාශ කර තිබේ.

ඔහු ඒ බව ප‍්‍රකාශ කර ඇත්තේ අරලියගහ මන්දිරයේ දැන් පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවේදීයි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වේ.

මීට සුළු මොහොතකට පෙර සාගල රත්නායක මහතා තම ෆේස්බුක් ගිණුමේ මේ සම්බන්ධව තබා තිබු සටහන පහතින්,


"නීතිය සහ සාමය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමට මගේ බලාපොරොත්තුවක් නැති බව පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට මීට සුළු මොහොතකට පෙර දැනුම් දුන්නා. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඕනෑම තනතුරක් පරිත්‍යාග කිරීමට මා පසුබට නොවන අතර පක්ෂයේ යහපත වෙනුවෙන් මට කළ හැකි උපරිමය කිරීමට සූදානම් බවත් අග්‍රාමාත්‍යතුමාට අද උදෑසන දැනුම් දුන්නා. මෙය මේ මොහොතේ පක්ෂය ශක්තිමත් කිරීම සඳහා මා විසින් ගනු ලබන පුද්ගලික තීරණයක් වන අතර පක්ෂයට මගේ ඇති පක්ෂපාතිත්වය එලෙසම ශක්තිමත්ව පවතින බවත්, පක්ෂ නායකත්වය විසින් ලබා දෙන ජනතාවට සේවය කළ හැකි වෙනත් ඕනෑම වගකීමක් නොපිරිහෙලා ඉටු කිරීමට සුදානම් බවත් මා වැඩිදුරටත් මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දුන්නා."



No comments:

Latest Video

Powered by Blogger.