මෙවර එක්සත් ජාතික පාක්‍ෂිකයින් සැමරිය යුතු ජේ. ආර්.


මාතෘත්වයෙහි උදාරත්වය අගයන දරුවන් මව්බිමට ගරුකරති. එයට හේතු වන්නේ පොළොවට ජනිත වූ දා සිටම, මියයන තෙක් එහිරැු`දී සිටීමට ඇවැසි ඉඩකඩ සහ වටපිටාව සළසා දෙන හෙයිනි. අප ජීවිතවල සමස්තය බැඳී ඇත්තේ මාතෘභූමිය සමඟය. මාතෘභූමිය භෞතික සම්පතක් මෙන්ම, අනාදිමත් කාලයක සිට පැවැත එන ආගමික, සංස්කෘතික ජාතික වටිනාකම් වලින්ද පොහොසෙත්ය. එනිසා සෑම මිනිසෙකුටම මාතෘ භූමිය අගනා සම්පතකි. රටෙහි ජීවත්වන මිනිසුන් රට පාලනය කිරීමට පෙරමුණ ගත යුත්තේ, මෙවැනි උත්තරීතර හැඟීම් වලට ප‍්‍රධාන තැනක් දෙමිනි. තමා උපන් දේශය වෙනත් දේශයක් විසින් කොල්ල කා ගැනීමට දරන උත්සාහයේ දී එය ආරක්‍ෂා කර ගැනීමට යුධ වැදීමට ජනතාව පෙරමුණ ගනිති. මෙවැනි පසුබිමක් තුළ උද්දීපනය වන දේශානුරාගය රටක් භෞතික සහ ආධ්‍යාත්මිකව සංවර්ධනය කිරීමට පෙළඹීම අගය කළයුතු කරුණකි. යුධ ජයග‍්‍රහන, ආර්ථික ජයග‍්‍රහන මෙන්ම ආධ්‍යාත්මික සහ ජීවනයක් කර ගැනීම පිළිබඳව අපට අනුරාපුර, පොළොන්නරු, කෝට්ටේ යුගවල උදාහරණ තිබේ. 

යටත්විජිතවාදීන් රාජාණ්ඩු ක‍්‍රමයෙන් පසු ලංකාවේ පාලන බලය අතට ගත් අතර, පොදු මහජනතාව ජනවර්ග අතර මහත් පීඩාවට පත්කෙරුණි. රට භේද භින්න වුණි. කාන්තා පෙළැන්තියම අසරණ වී අයිතිවාසිකම් වලින් දුරස්ථ විය. සුඛ විහරන අතැර දා ගම් වැදුනි. මහනාහිමිවරු, උගත් බුද්ධිමත් පඬිවරු මෙන්ම  සාමාන්‍ය ජනතාවද නිදහස් අරගලය වෙනුවෙන් පෙළගැසුනේ තමා ජනිත කළ දේශය බේරා ගැනීමේ පොදු අරමුණින් විනා පෞදගලික ලාභ ප‍්‍රයෝජන වෙනුවෙන් නොවන බව මනාව පැහැදීළි වුවද, එය යථාර්ථයක් කිරීමට අපි අද සමත්ව නොසිටින්නෙමු.

මේ වෙනුවෙන් ජාතික, ආගමික වශයෙන් විවිධ සංවිධාන බිහි කෙරුණි. 1946 සැප්තැම්බර් මස 06වෙනි දින එක්සත් ජාතික පක්‍ෂයද ආරම්භ වූයේ මෙම කාළ වකවානුව තුළදීය. එහි සභාපති පදවියට ඞී. ඇස්. සේනානායක මහතා පත් වූ අතර, නියෝජ්‍ය සභාපති තනතුරට පත්වූයේ එස්. ඩබ්.ආර්. ඞී. බණ්ඩාරණායක මහතාය. පක්‍ෂයේ මුළු සාමාජික සංඛ්‍යාව 205 දෙනෙකුගෙන් සමන්විත වුණි. නිදහස ලැබීමට පෙර 1947 පැවැත්වූ මහ මැතිවරණයෙන් නියෝජිතයින් 42 ක් සමග පාර්ලිමේන්තුවට තේරී පත්වී ඞී. ඇස්. සේනානායක මහතා ප‍්‍රථම අග‍්‍රාමාත්‍ය වරයා වශයෙන්  පත්වුණි. ලබාගත් මුළු ජන්ද සංඛ්‍යාව 751431 (හත් ලක්‍ෂ පණස් එක්දහස් හාරසිය තිස්එකකි) කි. 1948 පෙබරවාරි 04 වෙනි දින, ලංකාව නිදහස් රාජ්‍යයක් බවට පත්වුව ද, 1952 මාර්තු 22වෙනි දින අග‍්‍රාමාත්‍ය වරයා අකල් මරණයකට පත්වීය. 

පක්‍ෂයේ නායකත්වයට සහ අග‍්‍රාමාත්‍ය ධුරයට ඩඞ්ලි සේනානායක මහතා පත්වීමෙන් පසු කෙටි කාලයක ඇවෑමෙන් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී. 1952 පැවැත්වූ මහ මැතිවරණයෙන් මන්තී‍්‍රවරු 52 ක් තේරී පත්විය.  හදිසියේ රෝගාතුර වූ හෙයින් අගමැතිවරයා වශයෙන්  දිගු කලක් කටයුතු කිරීමට ඩඞ්ලි සේනානායක මහතාට නොලැඹුණි. 1953 වර්ෂයේදී ඔහු සියළු තනතුරු වලින් ඉල්ලා අස්වූ අතර, ශී‍්‍රමත් ජෝන් කොතලාවල මහතා විසින් පක්‍ෂ නායකත්වය සහ අග‍්‍රාමාත්‍ය ධුරයද බාරගන්නා ලදී. මෙම කාලසීමාව තුළදී පොදුජන හිතවාදී දේශපාලන මතවාදයකට පසුබිම සකස් වූ අතර එක්සත් ජාතික පක්‍ෂයේ උප සභාපති ධුුරයෙන් ඉවත් වූ එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරණායක මහතා විසින් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවන ලදී. සඟ. වෙද. ගුරු. ගොවි. කම්කරු යන තේමා පාඨය යටතේ 1956 වර්ෂයේ පැවැති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂය පරාජයට පත්විය.  ජෝන් කොතලාවල මහතා පක්‍ෂ නායකත්වයෙන් ඉවත් වී යාම පක්‍ෂයට බලවත් පාඩුවක් විය. එම අභියෝගය බාරගත් ජේ. ආර්. ජයවර්ධන මහතා 1956 දෙසැම්බර් මස 19වෙනි දින පවත්වන ලද කොළඹ මහනගර සභා මැතිවරණය ජයග‍්‍රහණය කරා මෙහෙයවීමට එතුමාට හැකිවිය. 

කෙටිකාලීන ප‍්‍රතිලාභ වලින් තෘප්තිමත් වන මිනිසා සිය  ඕනෑ එපාකම් ඉටු නොවීමේ දී විරෝධතා වලට එළඹීම ප‍්‍රායෝගික කරුණකි. එවැනි අවදියක යළි නායකත්වයට පත් ඩඞ්ලි සේනානායක මහතා 1960 වර්ෂයේ පැවැති පාර්ලිමේන්තු මැත්වරණයෙන් ජයග‍්‍රහණය ලැබූවත් එහි ආයු කාලය තුන්මාසයකට සීමාවී යළි බලයට පත්වන්නේ 1965 වර්ෂයේදීය. එහිදී ජන්ද 1,579,181 ක්  ලබාගත් අතර ආසන සංඛ්‍යාව 66ක් විය. 

සාම්ප‍්‍රදායික රාමුවක් තූළ වසර 24 ක් වර්ධනය වූ එක්සත් ජාතික පක්‍ෂයට ආපසු හැරී බලන්නට කාලය උදාවූයේ 1970 පැවැති මහ මැතිවරණයෙනි. පාර්ලිමේන්තුවේ ආසන 17 කට සීමාවූ පක්‍ෂය ඊලඟට මුහුණ පෑ අභියෝගය නම් 1973 වසරේ අපේ‍්‍රල් මස 13 වෙනි දින ඩඞ්ලි සේනානායක මහතාගේ අභාවප‍්‍රාප්ත වීමයි. මේ අයුරින් ඇදවැටුණු පක්‍ෂය යළි ගොඩගැනීමේ අභියෝගයට මුහුණ දුන්නේ ජේ. ආර්. ජයවර්ධන මහතාය. සියල්ල බිංදුවෙන් පටන් ගැනීමට ඔහුට සිදුවිය. ඔහු සුවිශේෂී නායකයෙක් විය. අඩුවෙන් කථාකර, වැඩිදෙනෙකුට සවන්දීම නිසා දුර්වලතා සහ බාධක හඳුනාගැනීමට ඔහු සමත්වුණි. 

එතෙක් පක්‍ෂය තුළ නොසිටි, නමුත් පක්‍ෂය වෙතට ඇතුළත් කරගතයුතු කණ්ඩායම් වෙන වෙනම හඳුනා ගත්තේය. වෙළඳ සහ වෘත්තීය සංගම්, තරුණ, තරුණියන් සහ කාන්තාවන් වෙත විශේෂ ඉඩක් පක්‍ෂය විසින් ලබාදෙන ලදී. එපමණක් නොව පක්‍ෂයට හිතවාදී කොටස් දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන්ද ඒකරාශී කිරීමට සැළසුම් උත්පාදනය කෙරුණි.  ඕනෑම අභියෝගයකට මුහුණදීමේ ආත්ම ශක්තියෙන් යුක්ත වූ ජේ. ආර්. නමැති අසාමාන්‍ය මිනිසා එක්සත් ජාතික පක්‍ෂය සතුව පැවැති ප‍්‍රතිගාමී සම්ප‍්‍රදායික රාමුව කඩා බිඳ දැමීමට නොපසුබට විය. ගම් නියම් ගම් සිසාරා ජාති කුල මල ආගම් බේද වලින් තොරව විවිධ තරාතිරම් වලින් යුත් නායක නායිකාවන්ට පක්‍ෂයේ නිවහනට ඇතුළුවීම සඳහා එතෙක් වසා තිබූ සියළු ෙදාර කවුළු විවෘත කර දැමීය. 

1971 වර්ෂයේ මතුවූ තරුණ අරගලයේ ප‍්‍රතිවිපාක මැනවින් අධ්‍යයනය කළ මොහු එක්සත් ජාතික පක්‍ෂය තරුණ  තරුණියන්ට තෝතැන්නක් බවට පත්කරන ලදී. විශ්ව විද්‍යාල තුළට ඇතුල් වූ පක්‍ෂය එවකට පැවැති රජයේ මර්ධන කී‍්‍රයාමාර්ග අභියෝගයට ලක් කරමින් එහි බලමුළු තරකිරීමට නොපසුබට විය. ඉමිටියාස් බකීර් මාකර් වැනි විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් සම්පතක් වූ අතර ජී. එම්. පේ‍්‍රමචන්‍ද්‍ර, සරත්චන්‍ද්‍ර රාජකරුණා, ගාමිණී ජයවික‍්‍රම පෙරේරා, කීර්ති අබේවික‍්‍රම, දයානන්ද වික‍්‍රමසිංහ, ගාමිණී අතුකෝරාළ වැනි තරුණ නායකයින්ට පක්‍ෂය තුළ විශේෂ අවස්ථා හිමිකර දුන්නේය. 

ගාමණී ජයසූරිය, නිශ්ශංක විජේරත්න, ඒ. සී. එස්. හමීඞ්, ලලිත් ඇතුළත්මුදලි, ගාමිණී දිසානායක, රංජිත් අතපත්තු වැනි උගත් බුද්ධිමත් පිරිසට නොබියව කටයුතු කළහැකි පරිසරයක් උත්පාදනය කෙරුණි. වලව් පෙළැන්තියේ කාන්තාවන්ට පමණක් ලඝුවී තිබූ එක්සත් ජාතික පක්‍ෂය රේණුකා හේරත්, අමරා පියසීලි රත්නායක වනි ආචාර්ය වරියන්ටද, සෝමා පෙරේරා, චිත‍්‍රා මන්තිලක, කරුණා කටුගම්පල වැනි සාමාන්‍ය පංතිය නියෝජනය කළ කාන්තාවක් හටද විවෘත කිරීමට ජේ. ආර්. ජයවර්ධන මහතා කටයුතු කළේය. 

මෙලෙසින් ගොඩනගාගත් පක්‍ෂය 1976 වර්ෂයේ මැද භාගය වනවිට රටපුරා සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වන්නට පටන් ගැනුණි.  ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තරම් මෙම පිරිස එඩිතර වූහ. පිරිසක් සිරගත විය. තවත් පිරිසක් මරණීය තර්ජන වලට ලක්විය. එහෙත් නායකත්වය වටා එක්රොක් වීමට  ජනතාව උද්‍යෝගිමත් වූයේ ඔහුගේ පැවැති නොසැලෙන අධිශ්ඨානශීලි බව සහ පාක්‍ෂිකයන් කෙරේ තිබූ ලෙන්ගතු බැඳීමයි. මේ වනවිටම දෙවන නායකත්වයට පිඹුරුපත් සැකසීමට ජේ. ආර්. ජයවර්ධන මහතා පසුබට නොවුණි. නාගරික සමාජයේ පහත් ජීවන මට්ටමක සිටි ජනතාව නියෝජනය කරමින් ආර්. පේ‍්‍රමදාස මහතා මැද කොළඹ මන්තී‍්‍රවරයා ලෙස කැපී පෙනෙන චරිතයක් බවට පත්වූයේ මෙම කාළ වකවානුව තුළදීය.  

ගාමිණී දිසානායක මහතා නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ ප‍්‍රබලම චරිතය බවට පත් වූ අතර, රත්මලානේ සමසමාජ බලකොටුව පරාජය කිරීමේ අභියෝගය බාරගත් ලළිත් ඇතුළත්මුදලි මහතා පීඩිත පංතියට නුග සෙවනක් වූ බව නොරහසකි. මෙවැනි පසුබිමක් තුළ ජේ. ආර්. ජයවර්ධන මහතා රටපුරා සත්‍යග‍්‍රහ ව්‍යාපාරයක් දියත් කළේ අහිංසාවාදී ලෙස ජයග‍්‍රහනය කිරීමටය. මෙම කාලසීමාව තුළ පාලන බලය හිමිකරගත් සමගි පෙරමුණු ආණ්ඩුව ප‍්‍රධාන වශයෙන් පක්‍ෂ තුනකින් සමන්විත විය. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය, ලංකා සමසමාජ පක්‍ෂය සහ කොමියුනිස්ට් පක්‍ෂයයි. 3/2 ක බලයක් ලබා සිටි රජය එක්සත් ජාතික පක්‍ෂය මර්ධනය කිරීමට විවිධ කි‍්‍රයාමාර්ග දියත් කරමින් හදිසි නීතිය පවා පණවන ලදී. 1972 ජනරජ ව්‍යවස්ථාව අනුව, පාලන බලය තවත් වසර දෙකකින් දීර්ඝ කෙරුණි. එයට එරෙහිව ජේ. ආර්. ජයවර්ධන මහතා 1975 පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරයෙන් ඉල්ලා අස්විය. අතුරු මැතිවරණයට ඉදිරිපත් වී වාර්තා සහගත ජයග‍්‍රහණයක් ලබාගනිමින් යළිත් පාර්ලිමේන්තුවට තේරී පත්වුණි. 

වසර පහක ඇවෑමෙන් 1977 පැවැත් වූ පාර්ලිමේන්තු මැතිවරණය ලංකා දේශපාලන ඉතිහාසයේ මහත් පෙරළියකට මුල පිරීය. එය වාර්තා සහගත මෙන්ම එක්සත් ජාතික පක්‍ෂය මහජන හිතවාදී පක්‍ෂයක් යැයි පිළිගැනීමට තරම් ජනතාවාදී වූ මැතිවරණයක් විය. මන්තී‍්‍ර ආසන 140 ක් ලබා ගනිමින් 6/5 ක බලයකින් යුතුව රාජ්‍ය බලය හිමිකරගත් එක්සත් ජාතික පක්‍ෂ රජයේ අමාත්‍ය මණ්ඩලය විසිපස් දෙනෙකුගෙන් සමන්විත විය. ජල යෝජනා ක‍්‍රම, විදුලිබල තාක්‍ෂණය, නිවාස සංවර්ධනය, මාර්ග සංවර්ධනය, නාගරික සහ ග‍්‍රාමීය සංවර්ධනය, කර්මාන්ත සංවර්ධනය ආදී වශයෙන් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රටට හඳුන්වාදීමට අවස්ථාව උදාවූයේ ජේ. ආර්. ජයවර්ධන පාලන සමය තුළදීය. 

1978 නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙමින් ජනාධිපති ධුරයට පත් වූ පසුවද පක්‍ෂයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීමට නොපසුබට විය. ඔහුගෙන් පසු 1988 ජනාධිපතිවරණය සමග පක්‍ෂයේ නායකත්වය ආර්. පේ‍්‍රමදාස මහතාට බාරදුන් පසු හිටපු ජනාධිපතිවරයා කිසිම දේශපාලන කටයුත්තකට මැදිහත් නොවී සිටීමට තරම් නිහතමානී වීම වර්තමාන දේශපාලඥයන් ආදර්ශයට ගතයුතු කරුණකි. උතුරුකරයේ ත‍්‍රස්තවාදය, දකුණේ ප‍්‍රචණ්ඩත්වය වැනි අරගල වලට මුහුණ දෙමින් පේ‍්‍රමදාස ජනාධිපතිවරයා විසින් කරන ලද  කැප කිරීම අප අමතක නොකළ යුතු කරුණුය. 

තම නායකයා ගමන් කළ දුර යාමට ඔහුට ඉඩකඩ නොලැබුණි. අනපේක්‍ෂිත මොහොතක පේ‍්‍රමදාස මහකා ඝාතනයට ලක්වුණි. රටත්, පක්‍ෂයත් ප‍්‍රබල අර්බුධයකට මැදිවුණි. මේ වනවිට ලළිත් ඇතුලත්මුදලි මහතා ද ඝාතනය වී සිටි හෙයින්, ඉතිරිව සිටියේ ගාමිණී දිසානායක මහතා පමණී. පසුව ඔහු පක්‍ෂයට යළි සම්බන්‍ධ වූ නමුත් ඔහුටත් අකල් මරණයකට මුහුණදීමට සිදුවුණි. අවාසනාවන්ත ලෙස ජනතාව එක්සත් ජාතික පක්‍ෂය හැර යාම 1994 සිට ආරම්භ කළ අතර පක්‍ෂයේ මහ ලේකම් තණතුරට පත්වූ ගාමිණී අතුකෝරාළ මහතාගේ දැඩි උනන්දුව නිසා 2001 වසරේ එක්සත් ජාතික පක්‍ෂය යළි බලයට පත්වුණි.

තාරුණ්‍යය සෑම විටම ”හෙට ප‍්‍රමාද වැඩිය”සිතා ජවයෙන් වැඩ කරති. ඔවුන් ඉතිහාසය විමර්ශනය නොකරති. එහෙත් වැඩිහිටියන් ”අදට වඩා හෙට හොඳයි”කියා අතීතයේ සිදුවූ යම් යම් අඩුපාඩු සහ වැරදි සහගත දේවල් කෙරෙහි අවධානය යොමු කරමින් අනාගතය සැළසුම් කරති. මෙවැනි ප‍්‍රපංචයන් අභියස එක්සත් ජාතික පක්‍ෂය යළි මුහුණ දුන්නේ තවත් අර්බුදයකටය. එනම් ගාමිණී අතුකෝරාළ මහතාගේ හදිසි අභාවයයි. ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධාන ගතවූ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය වසර දෙකක් ගෙවීමෙන් අනතුරුව ආණ්ඩුව විසුරුවා හැරීම නිසා එක්සත් ජාතික පක්‍ෂය පරාජයට පත්වුණි. මෙම පරාජයට සෝම හාමුදුරුවන්ගේ අපවත්වීම නිසා බිහිවූ ජාතික හෙළ උරුමයද බලපෑමක් විය. 

එතැන් පටන් වර්තමානය දක්වාම එක්සත් ජාතික පක්‍ෂය ශක්තිමත් ලෙස ගොඩනගා ගැනීමට අපොහොසත් වී ඇති බව පැහැදිළි කරුණකි. හැඟීමෙන්, කැපවීමෙන්, ශ‍්‍රමදායකත්වයෙන් කටයුතු කරන ප‍්‍රබල සාමාජිකත්වයක් එක්සත් ජාතික පක්‍ෂයට නොමැත. එවැනි තත්ත්වයක් නිර්මාණය නොවීම තුළ පක්‍ෂයක් සංවර්ධනය කර ගැනීම අපහසුය. පක්‍ෂයක දියුණුව ර\ පවතින්නේ එය වටා එක් රොක් වන සාමාජික සාමාජිකාවන්ගේ උනන්දුව මතය. ජේ. ආර්. ජයවර්ධන මහතා වටා එක් රොක් වූ විද්වතුන් දෙස බැලීමේදී වර්තමාන විද්වත් මණ්ඩලය පිළිබඳ කතා නොකිරීම යහපත් යැයි සිතෙන තරමටම දුර්වලය. එදා  ඕනෑම අභියෝගයක් ජය ගැනීමට ජේ. ආර්. සමත්විය. තම  සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් වගකීම දැරූ නායකයෙක් ලෙස ඔහු පක්‍ෂය තුළ ජනපි‍්‍රය විය. 

ජේ. ආර්. ජයවර්ධන මහතා, ආර්. පේ‍්‍රමදාස මහතා වැනි අය ජනතාව අතරම ජීවත් වූ බැවින් දිනෙන් දින පක්‍ෂය වටා ජනතාව ඒකරාශී වූහ. වර්තමානය තුළ එවැනි ධනාත්මක වර්ධනයක් විද්‍යමාන නොවීම පක්‍ෂයේ උන්නතියට බාධාවකි. ප‍්‍රතිපත්ති ගරුක, පැරණිතම පාක්‍ෂිකයින් හට  ඕපපාතික වන්දිභට්ටයින්ගෙන් සිදුවන කෙනහිලිකම් ද පක්‍ෂය අවරෝහනය වීමට බලපානු ඇත. 

සැබවින්ම එක්සත් ජාතික පක්‍ෂයට වටිනා ඉතිහාසයක් ඇත. දියුණු ලෝකය සහ සසඳන විට වර්තමාන තත්ත්වයේ වටිනාකම කුමක්ද? එසේනම් අනාගතය අවිනිශ්චිතය. එක්සත් ජාතික පක්‍ෂය තව දුරටත් ආරක්‍ෂා කරගතයුතුනම් එය ජනතා හිතවාදී පක්‍ෂයක් බවට පත්කර ගැනීමේ වගකීම එක්සත් ජාතික පාක්‍ෂිකයින් සතු බව ඔවුන් අවදාරණය කළ යුතුය. ජේ. ආර්. ජයවර්ධන මහතා වැනි ¥රදර්ශී නායකයින්ගෙන් පුරප්පාඩු වූ සමාජය පෝෂණය කළහැකි පරපුරක් බිහිවේවා යැයි අවසාන වශයෙන් ප‍්‍රාර්ථනා කරමි.

කිවිපති, ජ්‍යොතිර්වේදී, කල්‍යාණී හේරත් මැණිකේ
කලාපුරය
0718664273

No comments:

Info Sri Lanka TV

Powered by Blogger.