Sex Ed Ad

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිළ දිනෙන් දින ඉහළට.


වෙළෙඳපොළ තුළ හාල්, පොල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය දිනෙන් දිනම ඉහළ යමින් තිබෙන බැවින් ළඟ එන උත්සව සමය වන විට ජනතාවට දරාගත නොහැකි ආකාරයකට මෙම භාණ්ඩ මිල ඉහළ යා හැකි බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

මෙම තත්ත්වය වළක්වා ගැනීමට රජය විසින් කඩිනමින් රට තුළ ක්‍රියාත්මක වන වැඩපිළිවෙළක් සකස් කළයුතු බවද එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.

නාඩු සහල් සඳහා රුපියල් 74ක පාලන මිලක් යොදා තිබුණද, ආහාරයට ගත හැකි සාමාන්‍ය සහල් කිලෝවක මිල රුපියල් 100 ඉක්මවා ගොස් තිබෙන බවද ඔහු පවසා සිටියේය.

මීට අමතරව පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 75ක් ලෙසට ප්‍රකාශ කර තිබුණද, සාමාන්‍ය තත්ත්වයේ පොල් ගෙඩියක මිල රුපියල් 90 ඉක්මවා තිබෙන බවත්, සීනි කිලෝවක මිල රුපියල් 120 ඉක්මවා ගොස් තිබෙන බවද සඳහන් කළේය.

අල ගොවීන්ට තම නිෂ්පාදන විකුණා ගැනීමට නොහැකිව තිබියදී අල කිලෝවක මිල රුපියල් සියය ඉක්මවා ගොස් තිබෙන බවද පවසා සිටියේය.

එළවළු වගාකරුවන්ගේ අස්වැන්න අලෙවි කිරීමට නොහැකිව අලින්ට කෑමට දැමුවද බොහෝ ප්‍ර‘දේශවල එළවළු මිල ජනතාවට දරාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් තිබෙන බවද සඳහන් කළේය.

ඉදිරි සතියෙන් පසු භාණ්ඩ මිල තව තවත් ඉහළ යා හැකි ආකාරයක් පෙන්නුම් කරන බවත්, සෑම උත්සව අවස්ථාවක්ම ආසන්න වන විට මෙම තත්ත්වය දැකගත හැකි බවද පවසා සිටියේය.

එහෙත් ජනතාවට පසුගිය කාලයේ බඩු මිල දරාගත හැකි ආර්ථිකයක් තිබුණද, මේ වන විට ජනතාවගේ ආදායම අඩු වී යාම නිසා ආර්ථික අර්බුදය ජනතාවට දරාගත නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන බවද සඳහන් කළේය.

Latest Video

Powered by Blogger.