රනිල් බේරා ගන්න, ආණ්‌ඩුවේ මන්ත්‍රීවරු අද සාකච්ඡාවක.


අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විසින් ඊයේ (21 දා) කථානායකවරයා වෙත භාරදුන් විශ්වාසභංග යෝජනාවට මුහුණ දෙන ආකාරය සාකච්ඡා කිරීමට අද (22 දා) ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ විශේෂ කණ්‌ඩායම් රැස්‌වීමක්‌ පැවැත්වෙයි. 

අද දහවල් 12.30 ට මෙම විශේෂ කණ්‌ඩායම් රැස්‌වීම කැඳවා තිබෙන බව ආණ්‌ඩු පක්‍ෂ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු කටයුතු සහ ඉඩම් ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

පාර්ලිමේන්තු කමිටු ශාලාවකදී පැවැත්වීමට නියමිත මෙම කණ්‌ඩායම් රැස්‌වීමට ආණ්‌ඩුවව නියෝජනය කරන සියලු පක්‍ෂවල මැති ඇමැතිවරුන්ට සහභාගී වන ලෙස දැනුම් දී තිබෙන බවත් අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට මුහුණ දෙන ආකාරය පිළිබඳව එහිදී ආණ්‌ඩු පක්‍ෂය තීන්දු කරන බවත් ඇමැතිවරයා තවදුරටත් සඳහන් කළේය.

Latest Video

Powered by Blogger.