Ad
Ad

රනිල් වෙනස් නොවන බව චන්ද්‍රිකා - රාජිත කියයි.


අග්‍රාමාත්‍ය තනතුරෙහි කිසිඳු වෙනසක් සිදුනොවන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිනිය මෙම අදහස් පල කළේය.

මේ අතර විශ්වාසභංග යෝජනාවේ දී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද ඊට පක්ෂව ඡන්දය භාවිත කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අග්‍රමාත්‍යවරයාට සහය පල කරන බවට අත්සන් තැබූ මන්ත්‍රීවරුන් ද විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමට සූදානම් බවයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ පක්ෂයේ කුමන අඩුපාඩු පැවතිය ද විශ්වාසභංගයේ දී යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කරන බවයි.

“අගමැතිට එරෙහි විශ්වාසභංගය පුස්සක්” ඇමැති රාජිත 

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව පුස්සක් බවත්, එය පරාජය කිරීමට රජයට හැකියාවක් ඇති බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ලෝක ක්ෂය රෝග දිනය වෙනුවෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබද ජාතික වැඩසටහන සංවිධානය කළ පාගමනට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

කොළඹ නිදහස් චත්‍රරශ්‍රයේ සිට පදනම් ආයතනය දක්වා මෙම පාගමන ඊයේ (24) පෙරවරුවේ පැවැත්විනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “විශ්වාසභංග යෝජනාව පරාජය කිරිමට සියලු බලවේග අපි එකතු කරනවා. එය පරාජයට පත් කිරීමට කටයුතු කරනවා. වසර 2020 වනතුරු මෙම රජය පවතිනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපන් දිනය අදයි. මම පළමුව සුබපතන අතර, දීර්ඝායුෂ ද ප්‍රාර්ථනා කරනවා. අග්‍රාමාත්‍යධූරයේ රැදී සිටිමින් තවත් කාලයක් ජනතාවට සේවය කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි මම විශ්වාසය පළ කරනවා.”

“ක්ෂය රෝගය මර්දනය කිරීම පිළිබදව ලොව පුරා අවධානය යොමු කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ සදහා වැඩසටහන් රැසක් දියත් කර තිබෙනවා. ලොව පුරා මිලියන 10 කට අධික ක්ෂය රෝගීන් පිරිසක් වාර්තා වෙනවා. ශ්‍රී ලංකාවේ ක්ෂය රෝගය තුරන් කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාව දැනුවත් කරමින් වැඩසටහන් රැසක් දියත් කර තිබෙනවා.”

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ. 

Powered by Blogger.