රනිල් හා පාස්කරලිංගම් සිනමාවට.


23 සිට ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කරන ලද ෆැසිපික් රිම් ( Pacific Rim) චිත්‍රපටය ප්‍රදර්ශනයට ඉල්ලා සිටි සිනමා ශාලා හිමිකරුවන් කිහිපදෙනෙකුට එම චිත්‍රපටයේ ශ්‍රී ලාංකික ආනයනකරු විසින් ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.

ලාංකික ආනයනකරු විසින් එම සිනමා පටය ලබාදී නැත්තේ ලිබර්ටි ලයිට්, ස්ටාර් ලයිට් (ජා-ඇල), ස්කයි ලයින් (මාතර) හා සිටි සිනමා (ගල්කිස්ස) යන සිනමා ශාලා 04 සඳහාය.

එම සිනමාපටය ලංකාවට ආනයනය කර ඇත්තේ (SCOPE) ආයතනය විසින් බවද පැවසේ.

අදාළ ආනයනකරු විසින් ආනයනික විත්‍රපට එම චිත්‍රපට ඉල්ලා සිටින සියලුම සිනමා ශාලාවලට ලබාදිය යුතු බවට විශය භාර අමාත්‍්‍යවරයා වාචිකවද, චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතා ලිඛිතව ද චිත්‍රපට ආනයනකරුවන්ට දන්වා තිබියදී ද මෙසේ එම නියෝග කඩ කර ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

රනිල්ගේ ගජමිතුරු

මේ අරබුදය විසඳීමට යැයි කියමින් පසුගිය දිනක විශයට සම්බන්ධ නොමැති ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍ය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශක රාමලිංගම් පාස්කරලිංගම් මහතාගේ කාර්යාලයේ ද රැස්වීමක් පවත්වා තිබේ.

එම රැස්වීමට අග්‍රාමාත්‍යවරයාගේ මිතුරෙකු බව පැවසෙන චිත්‍රපට ආනයනකරුවකු වන ඉමිටියාස් කාදර්, ඔහුගේ පුත් වසීම් කාදර්, තුෂාන් රංගන, චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න, චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමයේ සභාපති බුද්ධි කීර්තිසේන, හම සංගමයේ ලේකම් ප්‍රදීප් නිශාන්ත, එම සංගමයේ උප සභාපති අනුරාධ රැකව හා චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී නිහල් යන මහත්වරුන් එව සිටි බව පැවසේ.

මුලින්ම, සිනමා ශාලා විසින් 3D කණ්නාඩි සඳහා මුදලක් අයකරන බවට චෝදනාවක් එල්ලකරමින් අදාළ රැස්වීම නොමඟ යැවීමට චිත්‍රපට ආනයනකරුවන් උත්සාහ දරා ඇති අතර, එයට විරෝධය දැක්වූ චිත්‍රපට සංස්ථාවේ සබාපතිවරයා පෙන්වාදී ඇත්තේ 3D කණ්නාඩි සිනමා ශාලාව සතු දෙයක් බැවින් ඒවා සනීපාරක්ෂක ක්‍රමයොදා පිරිසිදු කිරීම, ඒවා සඳහා සිදුවන අලාභ හානි වැනි දෑ එම සිනමා ශාලාවටම විඳ දරා ගැනීමට සිදුවන බැවින් ඒ සඳහා වැඩි මුදලක් අයකිරීම සාධාරණ බවයි.

පසුව පාස්කරලිංගම් මහතාද එය සාධාරණ බව පිළිගෙන තිබේ.

පාස්කරලිංගම් මහතා පසුව පවසා ඇත්තේ මේ ගැටලුව විසඳීමට අදාලත්වයක් නොමැති තමාව අගමැතිවරයා මැදිහත්කර ගත්තේ මන්දැයි නොදන්නා බවයි.

Latest Video

Powered by Blogger.