රනිල්ගේ ආර්ථික කමිටුව රැකගන්න එජාප ප්‍රබලයන් 3ක් ජනපති හමුවට.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි නොකරන ලෙස එ.ජා.ප.යේ මුල් පෙළේ ඇමැතිවරුන් තිදෙනකු පෙරේදා (28දා) රාත්‍රි ජනාධිපතිවරයා හමුවී ඉල්ලීමක් කළ බව වාර්තා වේ.

වාර්තා වන අන්දමට ජනපති හමුවී මේ ඉල්ලීම කර තිබෙන්නේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය කබීර් හෂීම් සහ මුදල් සහ ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහත්වරුන්ය.

පැය එකහමාරක පමණ කාලයක් පැවැති මේ සාකච්ඡාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි වී ඇත.

පසුගිය අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමට තීරණය කර තිබුණේ ජනාධිපතිවරයා විසිනි.

No comments:

Info Sri Lanka TV

Powered by Blogger.