විශ්වාසභංගය : රනිල්ට එරෙහිව එජාපයේ 27ක්.


එක්සත් ජාතික පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයක් කළ යුතු බවත් එසේ නොවන්නේ නම් අප්‍රේල් හතර වැනි දා පැවැත්වෙන විශ්වාස භංගයට පක්ෂව පක්ෂයේ මංත්‍රිවරුන් 27  දෙනකු  ඡන්දය භාවිතා කිරීමට හෝ නෑවිත් සිටීමට කටයුතු කරන බවත්  රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බංඩාර මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ නාකයයකු මීට පෙර මෙලෙස අපකීර්තියට පත්වී නැතැයි ද රංගේ බණ්ඩාර මහතා කීවේය.

පළාත් පාලන ආයතන සඳහන් තේරී පත් වූ ආණමඩුව ආසනයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂයන්   දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වෙමින් ඇමැතිවරයා ඒ බව කීවේය.

‘වඩාත් වැදගත් වන්නේ පක්ෂය දෝෂාභියෝගයට පෙර ප්‍රතිසංවිධානය කරන එකයි. එසේ නොවුන හොත් නරක ප්‍රතිඵලවලට මුහුණ දෙන්න වෙනවා. අපි මේවා කරන කොට මීට පෙර වාගේ මාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරයි. කෘත්‍ය අධිකාරී මණ්ඩලයෙන් අයින් කරයි. ඇමතිකමින් අයින් කරයි. මේවා මට අත් හරින් බැරි කමක් නැහැ. මොනවා කළත් 2020 වනකම් නඩු කියලා හරි මගේ මංත්‍රි ධූරය තියාගෙන ජනතාවට වැඩ කරනවා.

එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කළ යුතුමයි.  පක්ෂ නායකත්වය සිංහල බෞද්ධයෙක් අවශ්‍යයයි නැත්නම් මේ ගමන යන්න බෑ . මම එදා ඉදලා කියන්නේ පක්ෂය වෙනුවෙන් බැට කාපු ජීවිත වලින් වන්දි ගෙවපු දේපල නැති කරගත් උදවියට යමක් කරන්න කියලා. බලය නැතිව ඉන්නකොට නම් හා කියනවා ලංකාදීප මුල් පිටුව මම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ මම ගිහින් පෙන්නුවා එදා නායක තුමා කිව්දේ ඇයි අද ඉටු කරන්නේ නැත්තේ කියලා .

පොලිස් පති ඇගයීම් සම්මාන 13 අරන් තියෙනවා.. පොලිසියේ ඉන්නකොටත් අසාධාරණය වෙනුවෙන් කතා කළා. පොලිස් පතිට එරෙහිවත් මම නඩු කිව්වා යලිත් වීරඹුගෙදර ස්ථානාධිපති වුණා.... පොලිසියේ අයගේ දේශපාලන පළිගැනීම් අසාරධාරණකම්  පිළබදව හිටපු පොලිස් කාරයෙක් හැටියට මට කථා කරන්න අයිතියක් තියෙනවා.නමුත් ඒවාට අවස්ථාවක් නෑ .

පක්ෂයේ ඉහළ නායකත්වය අපව නොසලකා හැරියට අපි පාක්ෂිකයව අත හරින්නේ නැහැ. විශ්වාස භංග යෝජනාවට අගමැතිවරයට විස්වාසය පළකරමින් ලියවිල්ලක් අත්සන් කළා. මට එන්න කිව්වා. මම ගියෙත් නැහැ, අත්සන් කළෙත් නැහැ . අත්සන් කරන්නෙත් නැහැ. මගේ මිනිස්සු ගැන බැලුවේ නැති අගමැතිවරයා ගැන මට විශ්වාසයක් නැහැ.

මේ රජය පත් කරන්න අපි මහන්සි වුණා.    එක ඇමතිවරයෙක් හත් අට දාහක් රැකියා පත්වීම් දෙනකොට අපට රැකියා හත්සියයක්වත් දෙන්න පුලුවන් වෙන්න ඕනෑ. එහෙමත් නැතිනම් අපි මෙතන ඉඳලා වැඩක් නැහැ. අප ජීවත් වෙන්න කරන එකක් නෙවෙයි දේශපාලනය. ජනතාවට වැඩක් කරලා ඒ අය සතුටු වෙනකොට අපටත් සතුටු වෙන්න පුලුවන් වෙන්න ඕනෑ.

වාමාංශික බලකොටුවක් වූ ආණමඩුවට මෙහෙම වැඩ කරලා හරියන්නේ නැහැ. ඒවා කරන්න රංගේබංඩාරට නායකත්වයේ සහයෝගය නැති නම් වැඩක් නැහැ කියලා තමයි ඉල්ලා අස්වීමේ ලිපිය දුන්නේ.  නමුත් භාර ගත්තේ නැහැ. අපඅයින් කරනවා නම් විනය පරික්ෂණ අවශ්‍ය නැහැ . මම දුන්න ලිපිය ක්‍රියාත්මක කරන එක විතරයි තිබෙන්නේ. අද දිවුරුම් දුන්න මංත්‍රිවරුන්ට කියන්නේ නායකත්වය අප නොසලකා හැරියට ඔබට ඡන්දය දුන්න අයව අතහරින්න එපා. ඒ අයට උදවු කරන්න කියලයි.‘‘ යැයි රංගේ බණ්ඩාර මහතා පැවසීය.

Latest Video

Powered by Blogger.