ෆවුසිගේ දේශපාලන සහ මැර බලයෙන් දැවැන්ත වංචාවක් වැහෙයිද?


ලංකාවේ දේශපාලන තුළ ප්‍රබල මෙන්ම, මේ වන විට අභාවයට යමින් පවතින චරිතයක් වන ඒ.එච්.ෆවුසි නැමැති දේශපාලඥයාගේ හිටපු මුනුබුරෙකු ලෙස තවමත් ෆවුසි පවුල සමඟ සම්බන්ධකම් පවත්වාගෙන යන වෛද්‍යවරයෙකු ලෙසද පෙනී සිටින මොහොමඩ් ශෂ්ලි මවුජූද් නැමැත්තා විසින් ෆවුසිගේ දේශපාලන සහ මැර බලය උපයෝගී කරගනිමින් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කොට ඇතැයි වාර්තාවේ.

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම වත්මන් රජයේ ජ්‍යේෂ්ඨ උපදේශකයෙකුද වන ෆවුසිගේ මෙම කුප්‍රකට දොස්තර මුනුබුරා, මීට වසර දෙකකට ආසන්න කාලයකට පෙර ව්‍යාපාරිකයෙකු මෙන්ම OSH හෝල්ඩින්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරයෙකුද වන වසීර් අහමඩ්ගෙන් ‘ඩිස්පෙන්සරි’යක් සෑදීම වෙනුවෙන් යැ’යි කියා රුපියල් කෝටියකට අධික මුදල් ප්‍රමාණයක් ණයට ගෙන එය නොදී වංචා කොට ඇත.

ෆවුසිගේ බලයෙන් වසීර්ට තැබූ කෝටි ගණනක පොල්ල

මොහොමඩ් ශෂ්ලි මවුජූද්, ඒ.එච්.එම්. ෆවුසිගේ මිනිබිරියක් වන හෆ්සා අලීෆ් සමඟ විවාහ වී ඇති අතර කෙටි කළකින් විවාහ ජීවිතය අදාළ අතිශය පෞද්ගලික කරුණක් නිසාවෙන් දික්කසාද වී ඇත. වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටින කොළඹ සුප්‍රසිද්ධ රෝහලක සේවය කරන මොහොමඩ් ශෂ්ලි මවුජූද් 2016 මැයි මාසයේදී ඩිස්පෙන්සරියක් සාදාගැනීමට යැයි පවසා යළි දෙන බවට වූ පොරොන්දුව මත සමාගම් අධ්‍යක්ෂකවරයෙකු වන වසීර් අහමඩ්ගෙන්, රුපියල් මිලියන 10ක් ණයට ඉල්ලාගෙන ඇත. මීට පෙරද විටින් විට මොහු සමාගම් අධ්‍යක්ෂකවරයෙකු වූ වසීර් අහමඩ්ගෙන් ලක්ෂ ගණන් අතමාරුවට ඉල්ලාගෙන ඇති අතර ඇතැම් ණය මුදල් ඔහු විසින් යළි ගෙවා ඇත. එහෙත් 2016 මැයි මාසයේදී ඩිස්පැන්සරිය වෙනුවෙන් ඉල්ලා ගත් රුපියල් කෝටියකට අධික මුදල් ප්‍රමාණය යළි වසීර්ට ගෙවනවා වෙනුවට ඥාති සම්බන්ධකම් පැවති ෆවුසිගේ දේශපාලන බලය සහ මැර බලය උපයෝගී කරගනිමින් යටගසා දැමීමට දැඩි වෙහෙසක් දරා ඇත. වසීර් විසින් ෆවුසිගේ කුප්‍රකට හිටපු මුනුබුරා මෙන්ම තවමත් සම්බන්ධකම් පවත්වන මවුජූද්ගෙන් තමාට හිමිවිය යුතු රුපියල් කෝටියකට අධික ණය ඉල්ලා සිටි අවස්ථාවේදී, ඔහු විසින් මුල් අවස්ථාවේදී රුපියල් 1,1800,000.00 ක ඉදිරියට දින දැමු චෙක්පතක් ලබා දී ඇති අතර එය මාරු කිරීමට යන අවසන් මොහොතේදී මවුජූද් විසින්ම අවලංගු කොට ඇත. එම නිසා මවුජූද් තමා විසින් ණය පියවීමට වසීර් වෙත ලබාදුන් රුපියල් 1,1800,000 චෙක්පත අඟරුවී ඇති අතර ඊට අදාළ ලිපි ලේඛන පහතින් දැක්වේ.


මුදල් වංචාවෙන් නොනැවතී තඟ දැමූ හැටි

කෙසේ වෙතත් වසීර්ගෙන් ලබාගත් ණය මුදල් පියවීම වෙනුවෙන් මොහොමඩ් ශෂ්ලි මවුජූද් ලබාදුන් මෙම වෙක්පත අඟරු වීම හේතුවෙන් ඔහු විසින් එම මුදල් යළි ඉල්ලා සිටි අවස්ථාවේදී වෛද්‍යවරයෙකු ලෙස සේවයේ පෙනී සිටින මෙම පුද්ගලයා තම ඥාති සබඳතා දරා සිටි ෆවුසිගේ ආරක්ෂකයින් ඇතුළු මැර පිරිස් යොදවා මරණ තර්ජන කොට ඇත. ඉන් නොනැවතී වසීර්ගේ පවුලේ අයටද තඟ දමමින් තර්ජනය කොට ඇත.

යහපාලනයට මුවා වුණු ෆවුසි පවුලේ මැර දේශපාලනයේ තරම

මෙය සාමදානයෙන් විසඳා ගැනීමට සමාගම් අධ්‍යක්ෂකවරයෙකු වූ වසීර් අහමඩ් උත්සහකළද එය ෆවුසි පවුලේ දේශපාලන බලය සහ මැර බලය හමුවේ වියර්තව ගොස් ඇත. අවසානයේ තමාගේ මුදල් ලබාගැනීමත්, ජීවිත ආරක්ෂාවත් පතා නීතියේ පිහිට පැතීමට ගොස් ඇති වසීර් අහමඩ්ට ෆවුසි පවුලේ පාදඩ මැරයින් විසින් පොලිසිය තුලදීම සංවිධානාත්මකව පහරදී තුවාල සිදුකොට ඇත. මේ සම්බන්ධයෙන් වසීර් අහමඩ් 2016 සැප්තැම්බර් මස 15 වන දින නාරහේන්පිට පොලිසියට CIB I 17/151 දරණ පැමිණිල්ල මඟින් දන්වා ඇත. එහෙත් එම පැමිණිල්ල ෆවුසි පවුලේ තුච්ඡ දේශපාලන බලය හමුවේ යටපත් කොට ඇත.

කෙසේ වෙතත් තමාට සිදු වූ බලවත් අසාධාරණය සහ ෆවුසි පවුලෙන් දිගින් දිගටම එල්ල වන මරණ තර්ජන හමුවේ වසීර් අහමඩ් මෙය රහස් පොලිසියට මෙන්ම, නීතිය හා සාමය භාර අමාත්‍යවරයාට, පොලිස්පති ඇතුළු පොලිස් ප්‍රධානීන් වෙත යළි 2017 අප්‍රේල් මස 07 වනදා ලිඛිතව පැමිණිලි කොට ඇත. මේ පහත දැක්වෙන්නේ මෙම වංචාව සහ එම වංචාව යට ගැසීම සඳහා මොහොමඩ් ශෂ්ලි මවුජූද් නැමැත්තා ෆවුසි පවුල සමඟ එක්ව කෙතරම් පරිශ්‍රමයක් දැරුවාද යන්න පිළිබඳව වසීර් අහමඩ් පොලිසියට කර ඇති පැමිණිල්ලෙන් සිදුකර ඇති අනාවරණයයි.

වසීර් අහමඩ් ඝාතන සැලැස්මක්

එහෙත් ෆවුසිගේ මැර බලය හමුවේ තවමත් මෙහි විමර්ශන කටයුතු සිදුවන්නේ ඉතා මන්දගාමීව සිදුවන අතර පෙරේදා අලුයම 3.00ට පමණ මාලඹේ, ජෝතිපාල මාවතේ 14 වන පටුමගේ පිහිටා ඇති ඔහුගේ නිවසට, අල්ලපු නිවසට මැර කල්ලියක් විසින් වෙඩි වරුසාවක් එල්ලකොට පලාගොස් ඇති අතර එහි ප්‍රධාන සහ නියම ඉලක්කය වසීර් අහමඩ් ලෙසට සැක කරයි.

සාමාන්‍ය පුරවැසියාට අයුක්තිය වෙනුවට යුක්තිය ඉටුකිරීම

කලකට පෙර ෆවුසි පවුලට සම්බන්ධ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි මොහොමඩ් ශෂ්ලි මවුජූද් මෙලෙස තමන් ණයට ගත් මුදල් දීම පැහැර හරිමින් වසීර් අහමඩ් සහ ඔහුගේ පවුලේ අයට මරණ තර්ජන එල්ලකරමින් නීතිය අතට ගෙන ක්‍රියාකරන්නේ එදා මෙදා තුර ෆවුසිගේ දේශපාලන බලය සහ මැර බලය අතට ගනිමින් වන අතර ෆවුසිගේ මෙම ක්‍රියාකලාපය යහපාලනයක් වෙනුවෙන් ප්‍රතිඥා දුන් ජනාධිපතිවරයාටත්, ඔහුගේ ආණ්ඩුවටත් දැඩි කළු පැල්ලමක් එක් කළ හැක.

එම නිසා මෙම අවනඩුව විසඳා රටේ සාමාන්‍ය පුරවැසියාට සාධාරණය ඉටුකිරීම සම්බන්ධයෙන් නීතිය ඇතුළු අනෙකුත් අදාළ අංශ සහ බලධාරීන් නිසි ක්‍රියාමාර්ග ගත යුතුය. එසේම දේශපාලන බලයෙන් මත්වුණු පාදඩ සුනඛයින් බැඳ දැමීම අදාළ බලධාරීන්ගේ යුතුකමක් සහ රාජකාරියක් වනු ඇත. නොඑසේනම් සිදුවන්නේ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව තුළින් යහපාලනයක් සහ යුක්තිගරුක සමාජයක් බලාපොරොත්තු වූ මිලියන ගණනක් වූ සාමාන්‍ය ජනතාවගේ එම අපේක්ෂාවන් බොඳවීමත්, එම පාලකයින් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීමත්ය.

Info Sri Lanka TV

Powered by Blogger.