මළ සිරුරක් හමුවෙයි : 24ක් 19 දා දක්වා රිමාන්ඩ්.


දිගනදී ඊයේ (05දා) දෙපාර්ශ්වයක් අතර ඇතිවූ ගැටුමට අදාළව ගිනි ගත් නිවසක තිබී පුද්ගල මළ සිරුරක් හමුවී තිබේ. 

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 28 හැවැරිදි අබ්දුල් බාසිත් නම් තරුණයෙකි. 

මේ පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුවෙයි.

24ක් 19 දා දක්වා රිමාන්ඩ්

තෙල්දෙණිය පොලිස් වසමේ ස්ථාන කිහිපයක ඊයේ (05දා) ඇතිවූ සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 24 දෙනා එළැඹෙන 19 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තෙල්දෙණිය  මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කර ඇත. ඒ සැකකරුවන් අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවය. 

නැවතත් ඇඳිරි නීතිය


තෙල්දෙණිය හා පල්ලෙකැලේ ප්‍ර දේශවලට නැවතත් පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.  නැවත දැනුම් දෙනතුරු මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලීසිය  පවසයි.

Info Sri Lanka TV

Powered by Blogger.