චම්පික පොදු අපේක්ෂකයා වෙන්න කැමති බවට ඉඟි කරයි? [Video]


එළැඹෙන ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම පක්ෂවල වෙනස්කම් සිදුකරමින් නැවතවරක් පොදු අපේක්ෂකයෙකු ගෙන ආ යුතු බව අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (28) කොළඹදී පැවති පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පෙරමුණ යටතේ තේරී පත්වූ ජාතික හෙළ උරුමයේ සභිකයින් දිවුරුම් දීමේ උත්සවයකට එක්වෙමිනි.

ආදි ශිෂ්‍ය කල්ලි, ගජ මිතුරු කල්ලි හෝ පවුල් කල්ලි මගින් රටක් ඉදිරියට නොයන බව ඇමති චම්පික රණවක මහතා එහිදී පැවසිය.

පයින් ගසා ඉවත් කිරීමට කලින් තරුණ පරපුරට ඉඩ දී දේශපාලනයෙන් ඉවත් විය යුතු වේලාවට ඉවත් වීමට වැඩිහිටි දේශපාලකයින් පුරුදු විය යුතු බවත් ඔහු පැවසීය.

එක්සත් ජාතික පක්‍ෂයටද එවන් තත්වයක් ඇති විය හැකි බවත් දේශපාලන මලගමේ යාමට තමන් සූදානම් නැති බවත් වෙනස් නොවන්නේ නම් වෙනස් කිරීම සදහා තමන් ඉදිරිපත් වන බවද ඔහු කියා සිටියේය.

Info Sri Lanka TV

Powered by Blogger.