වැලිකඩ සිදුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තු කොමසාරිස්වරයෙක් අත්අඩංගුවට.


2012 වසරේදි වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය කිරීමට සම්බන්ධ සිදුවීමට සැකපිට අත්අඩංගුවට ගත් බන්ධනාගාර දෙපාර්තමේන්තු කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා අපරාධ විමර්ෂන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු 2012 වසරේදී මැගසින් බන්ධනාගාරයේ සුපිරින්ටෙන්ඩන්ට්වරයා ලෙසින් කටයුතු කර ඇත.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරික්ෂක නියොමාල් රංගජිව අත්අඩගුවට ගෙන ඇත. 

මෙම සිදුවීමෙන් ආසන්න වශයෙන් රැඳවියන් 27ක් ඝාතනයට ලක්ව තවත් පිරිසක් තුවාල ලබා තිබේ.

Info Sri Lanka TV

Powered by Blogger.