ජනතාවගෙන් ඈත් වන පොහොට්‌ටු මන්ත්‍රීන් ගැන මහින්ද තදින්.

ජනතාවගෙන් ඈත්ව කටයුතු කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයන් සම්බන්ධයෙන් දැඩි තීන්දුවක්‌ ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පැවසීය.

 පළාත් පාලන ආයතනවලට පත් වූ ඇතැම් මහජන නියෝජිතයන් දැනටමත් ඔළුව උදුම්මාගෙන ජනතාවගෙන් ඈත්ව කටයුතු කරන  බවට තමාට තොරතුරු ලැබෙන බව ද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 මේ අන්දමින් කටයුතු කිරීමට කිසිසේත් ඉඩදිය නොහැකි බවත් මෙවැනි මහජන නියෝජිතයන් ජනතාවටත්, පක්‍ෂයටත් ප්‍රයෝජනයක්‌ නොවන නිසා එවැනි අයට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් පැවසූ හිටපු ජනාධිපතිවරයා ජනතා ඡන්දයෙන් පත්වන මන්ත්‍රීවරු සැමවිටම ජනතා අපේක්‌ෂාවන් වෙනුවෙන් කැපවිය යුතුව ඇතැයි ද පැවසීය.

 සියලු පළාත් පාලන ආයතන ස්‌ථාපිත කිරීමෙන් අනතුරුව පොහොට්‌ටුවෙන් පත් වූ සියලු මහජන නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්‌ පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත.

Info Sri Lanka TV

Powered by Blogger.