ජනපතිට සහ අගමැතිට රාජිතගෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක්.


එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අගමැතිට එරෙහි විශ්වාසභංගයට විරුද්ධ වීමේ තීරණයට එළඹීමෙන් අනතුරුව මේ වන විට තීරණය කර තිබෙන්නේ එක්සත් ජාතික පෙරමුණේ සියලුම සාමාජිකයන් විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ය.

එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම යහපාලනය බලයට ගෙන ඒමට මුල් වී ක්‍රියා කළ සියලුම දෙනාගේ ජයග්‍රහණයක් වන මෙය සැමරීම සඳහා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ජනපතිට සහ අගමැතිවරයාට ඊයේ රාත්‍රියේ විශේෂ භෝජන සංග්‍රහයකට ආරාධනා කරනු ලැබීය.

අමාත්‍ය රාජිතගේ නිවසේ පැවති මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට පැමිණි ජනපතිවරයා සහ අගමැතිවරයා පැය 4කට ආසන්න කාලයක් එහි රැඳී සිටිමින් ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ පූර්ණ සාකච්ඡාවක් පවත්වා තිබේ.

භෝජන සංග්‍රහය අවසානයේ ඇමති රාජිතගේ බිරිඳ වන වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය විසින් අගමැතිවරයාගේ ප්‍රියතම පානයක් වන කළු කෝපි ද පිළිගන්වා ඇති අතර, රාත්‍රී 11.30ට පමණ දෙදෙනාම සියලුම එදිරිවාදිරිකම් අවසන් කර සිනාමුසු මුහුණින් යුතුව අමාත්‍ය රාජිතගේ නිවසින් නික්ම ගොස් තිබේ.

Info Sri Lanka TV

Powered by Blogger.