අගමැතිට සහාය නොදෙන්නැයි රතන හිමි දෙමළ සන්ධානයෙන් ඉල්ලයි.


අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව පරාජය කිරීමට සහාය නොදෙන්නැයි එක්සත් ජාතික පක්ෂයේ පත් කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

"ඔබතුමා විපක්ෂ නායක වුණේ උතුරු නැගෙනහිරට පමණක් නොව මුළු රටටමයි. මුළු රටේම ජනතාවගේ ප්‍රශ්න විසඳන්නයි. බරපතළ චෝදනාවක් සහිත යෝජනාවකට විරුද්ධව ඡන්දය දුන්නොත් ටීඑන්ඒ සංවිධානයට බරපතළ අපවාදයක් විඳින්න සිදුවේවි. ඒ නිසා විශ්වාස භංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වළකින්න කියලා ඉල්ලීමක් කරනවා." යැයි රතන හිමියන් ප්‍රමුඛ මන්ත්‍රීවරුන් යැවූ එම ලිපියේ සඳහන් වෙයි.

මේ සම්බන්ධයෙන් අතුරලියේ රතන හිමි හෙට (31) විශේෂ ප්‍රකාශයක් කිරීමට ද නියමිතය.

මේ අතර තමා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලාවට රජයේ නායකයන්ගෙන් තවම කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයි අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

Latest Video

Powered by Blogger.