කොළඹ නාගරික කොමසාරිස් ඉවත් කරලා.


කොළඹ නගර සභාවේ කොමසාරිස් (කොළඹ නාගරික කොමසාරිස්) වී.කේ. අනුර මහතා එම ධුරයෙන් ඉවත්කර ඇති බව වාර්තා වෙයි.

මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ කමිටුවේ නිර්දේශ අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

එම කමිටුවේ වාර්තාව පසුගියදා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිරිනැමිණ. එහිදී කොළඹ නගර සභාව කොළඹ කසළ ඉවත්කිරීම සඳහා ලබාදෙන වාර්ෂික ටෙන්ඩරය 2014 වසර හා සැසදීමේදි 2015 හා 2016 වසරන්වලදී අධික වටිනාකමක් යටතේ පෞද්ගිලක අංශයට ලබාදුන් බව පැවැසීය.

මේ සම්බන්ධයෙන් ර් නාගරික කොමසාරිස් වී.කේ. අනුර මහතාගෙන් දුරකථනය ඔස්සේ කළ විමසීමකදී ඒ මහතාට තවම එවැනි දැන්වීමක් කර නැතැයි ඔහු කියා සිටියේය.

තමා විහාරස්ථානයක සිටින බැවින් වැඩි යමක් පැවසිය නොහැකි බවද ඔහු කියා සිටියේය.

No comments:

Latest Video

Powered by Blogger.