නුගේගොඩ නගින්න හිටිය 6 නගින්නෑ : හූ කියයිද සැකයක්.


මහ මැතිවරණයක් ඉල්ලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවත්වනු ලබන රැලි මාලාවේ ලබන මාර්තු 07 වැනිදා නුගේගොඩ පැවැත්වීමට නියමිත පළමු රැලියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එම වේදිකාවට එක්වීමට නියමිතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එදිනට එක් නොවන බව වාර්තා වේ.

ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සාමාජිකයින් විසින් ඔවුන්ට හූ කීමේ සූදානමක් ඇති බවට පලව ඇති සැකයක් නිසාය.

මන්ත්‍රීවරු හය දෙනෙකු එම රැලියට එක්වන බවට වාර්තා පැතිර තිබුණු අතර එසේ එක්වන බවට මන්ත්‍රීවරු 05 දෙනෙකුගේ නම් මේවන විට මාධ්‍ය හෙළිකර තිබේ.

ඒ සුසිල් ප්‍රේමජයන්ත, ටී.බී.ඒකනායක, ජෝන් සෙනවිරත්න, ලක්ෂ්මන් වසන්ත පෙරේරා හා සුසන්ත පුංචිනිලමේ යන මන්ත්‍රීවරුන්ගේ නම්ය.

ශ්‍රීලනිප තවත් කොටසක් මාර්තු අග විපක්ෂ අසුන්වලට

මේ අතර, මාර්තු මාසයේ අවසන් සතියේ පාර්ලිමෙන්තු රැස්වීමේදී ශ්‍රීලනිප තවත් මන්ත්‍රීවරු පිරිසක් විපක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් සිටින බව පැවසේ.

යහ පාලන ආණ්ඩුවේ ප්‍රතිංස්කරණ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මසක කාලයක් ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමෙන් ඉල්ලා තිබූ බවත්, එම කාලයෙන් සතියක් මේවන විටද ඉක්ම ගොස් ඇති බවත්, ජනතා අභිප්‍රායන් ඉටු කිරීමට හැකි තීන්දු ඉදිරි සති තුනේදී නොගතහොත් විපක්ෂයේ අසුන් ගැනීමට සිදුවන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මාධ්‍යට පවසා තිබේ.

Info Sri Lanka TV

Powered by Blogger.