Sex Ed Ad

මඩකලපුව දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් සදහා ගුරු පත්වීම්.


මඩකලපුව දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් සදහා ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ උළෙල අද (03) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මඩකළපුව, වෙබර් ක්‍රිඩාංගණයේ දී පැවැත්විණි.

උපාධිධාරීන් දෙසීය දෙනෙකුට සහ ඩිප්ලෝමාධාරින් හතළිස් දෙදෙනෙකුට මෙහිදී ගුරු පත්වීම් ප්‍රදානය කෙරුණු අතර, එය සංකේතවත් කරමින් 21 දෙනෙකුට පත්වීම් ප්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදුවිය.

නැගෙනහිර පළාතේ පාසල්වල විද්‍යාගාර සදහා අවශ්‍ය උපකරණ කට්ටල ලබාදීමේ වැඩසටහන යටතේ පාසල් 03 ක් සදහා උපකරණ කට්ටල ප්‍රදානය මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, රාජ්‍ය අමාත්‍යවරුන් වන එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, ශ්‍රීයාණි විෙජ්වික්‍රම, නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී, පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සහිර් මවුලානා, නැගෙනහිර පළාත් සභාවේ සභාපති චන්ද්‍රදාස ගලප්පත්ති, ප්‍රධාන ලේකම් සරත් අබේගුණවර්ධන යන මහත්වරුන් ඇතුථ පළාතේ මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිළදාරින් ද පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුථ ආරක්ෂක අංශ ප්‍රධානින් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



Latest Video

Powered by Blogger.