'පොහොට්ටුවට ඡන්දය දුන් සැමට ස්තුතියි'- එජාප මන්ත්‍රී චතුර සේනාරත්න.


පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවට ඡන්දය දුන් සැමට ස්තුතිය පලකරන බවත්, තමන් කී දේ නොඇසූ නායකයන්ට කණ හරහා පහරක් ගැසූ ජනතාවට තමන් හිස නමා ආචාර කරන බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පැවසිය.

ඒ ජනහමුවක් අමතමිනි.

මෙම ඡන්ද ප්‍රතිඵලය ගැන තමන් වේලාසන දැන සිටි බවත් මේ රටේ ජනතාව ගන්නා තීන්දු තීරණ ගැන තමන් දන්නා බවත් මන්ත්‍රීවරයා එහිදී සදහන් කළේය.

බහ තෝරන වියේ සිට තම පියාගේ හා විජය කුමාරතුංග මහතාගේ මේ රටේ දේශපාලන පොරපිටියේ තැලී පොඩි වී තෙම්පරාදු වී ඒ පන්නරය ගත් බවද ඔහු කියා සිටියේය.

ජනවාරි 08 වැනිදා ජනතාව පාරට බැස්සේ එක එකාගෙ ඡන්ද ව්‍යාපාරවලට බැදුම්කර මගඩියෙන් සල්ලි අරගෙන ඒවයින් මඩි තරකර ගන්න නොවන බව ද චතුර සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසිය.

Powered by Blogger.