රනිල්ගේ විශ්වාසභංගය හා ඒකාබද්ධයේ කරුණු 15.


ඒකාබද්ධ විපක්ෂය කරුණු 15ක් හේතුකර ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම සඳහා වන විශ්වාසභංගය සකස්කර ඇතැයි වාර්තා වේ.

අදාළ විශ්වාසභංගය එලෙස සකස්කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගැනීමට බවද පැවසේ.

ඒකාබද්ධයේ මන්ත්‍රීවරයකු කියා සිටියේ මේ විශ්වාසභංගය ආණ්ඩුව වැට්ටීමේ අරමුණෙන් ඉදිරිපත් කරන්නක් නොවන බවත්, හුදු රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කිරීම ඉලක්ක කර සිදු කර ඇති එකක් බවයි.

එය නීති කේෂත්‍රයේ හිටපු ප්‍රධානියකු විසින් එහි නීති කෙටුම්පත් සකසා ඇති බවද ඔහු කියා සිටියේය.

විශ්වාසභංගයට එජාප හා ශ්‍රීලනිප සහය ලබා ගැනීමේ සම්බන්ධීකරණ කටයුත්ත වසන්ත සේනානායක මහතාට පවසා ඇති බවද පැවසේ.

කෙසේවුවද, ලබන 10 වැනිදා ජනාධිපතිවරයා ඉන්දියාවේ සංචාරයකට සහභාගිවීමට නියමිත අතර ඊට පෙර මෙම විශ්වාසභංගය ගෙනඒමට ඒකාබද්ධ විපක්ෂය සූදානම්වන බවද පැවසේ.

මේ අතර, අප මේ කාරණා සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ තමා විදේශගතව සිටි බැවින් අදාළ කරුණු කාරණා සියල්ල සම්බන්ධයෙන් හරියටම නොදන්නා බවයි.

මේ අතර, හෙට දිනයේ දී විශ්වාසභංගය කථානායකවරයාට බාරදීමට මීට පෙර සැලැසුම්කර තිබුණද එම සැලැසුම වෙනස්කරමින් එය ප්‍රමාද කිරීමට සැලැසුම්කර ඇති බවටද වාර්තා වේ.

කෙසේවුවද, විශ්වාසභංගයට අත්සන් ගැනීම හෙට සිට සිදුවන බව නම් ස්ථිර යැයි ඔහු කීය.

මේ සම්බන්ධයෙන් අප උදය ගම්මන්පිල මහතාගෙන්ද අදහසක් ලබා ගැනීමට උත්සාහ කළද ඔහු සාකච්ඡාවකට එක්ව සිටි බැවින් එය ව්‍යර්ථව ගියේය.

Info Sri Lanka TV

Powered by Blogger.