ඇඳිරිනීතිය මැද මැණික්හින්නේ කළබල.


මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබිය දී මැණික්හින්නේ කළහකාරී ලෙස හැසිරුණු පිරිසක් පාලනය කිරීමට අහසට වෙඩි තැබූ බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පවසා තිබේ.

(උපුටා ගැනීම ලංකාදීප)

අද රාත්‍රී පුද්ගලයින් 400 ක පමණ කණ්ඩායමක් මැණික්හින්න ප්‍රදේශයේ කළහකාරී ලෙස හැසිරෙන්නට වූ බවත්, හදිසි නීතිය යටතේ පවත්නා නීතිය සහ සාමාන්‍ය නීතිය යටතේ පිරිස පාලනය කිරීමට අහසට වෙඩි තබන්නට සිදුවූ බවත් එම පොලිස් නිලධාරියා කීවේය. 

පොලිසිය අහසට වෙඩි තබද්දී පිරිස පලා ගිය බව කී පොලිස් නිලධාරියා තුවාලකරුවන් සිටීද යන්න ගැන මෙතෙක් ප්‍රකාශ කළ නොහැකි බවද පැවසීය. 

හදිසි නීතිය යටතේ කළබලකාරී තත්ත්වයන් පාලනය කිරීමට ත්‍රිවිධ හමුදාවටම බලය ලබා දී ඇති බවද, මේ යටතේ අත්අඩංගුවට ගත් පිරිසට ඇප ලබා ගැනීමට පවා නොහැකි බවද  කී උසස් පොලිස් නිලධාරියා සාමකාමීව නීතියට අනුකූලව  කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද අවධාරණය කළේය.

පොලිස් ඇදිරි නිතිය හෙට උදෑසන  6 දක්වා ක්‍රියාත්මකවනු ඇත.

මහනුවර පාසල් හෙටත් වහලා

මහනුවර පාසල් හෙට දිනයේද වසා තැබෙන බව මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

තෙල්දෙනියේ ඇතිවූ සිද්ධියෙන් පසු මහනුවර පාසල් අද දිනයේද  නොපැවැත්විණි.


මේ අතර කොළඹ කලාපය ඇතුළු ඇතැම් ප්‍රදේශවල පාසල් මීට පෙර යොදාගෙන තිබුණු වාර්ෂික අධ්‍යාපන චාරිකා දින නියමයක් නැතිව කල් දමා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි. 

Info Sri Lanka TV

Powered by Blogger.