ශ්‍රී ලංකාව පළමු තරගයෙන් ම පරාජයෙන් 'නිදහස්' වෙයි.


අද ආරම්භ වූ නිදහස් කුසලානයේ පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ,  පන්දුවාර 20ක් අවසන්නයේ ඉන්දීය කණ්ඩායම කඩුළු පහක් දැවී ලබාගත් 174ක ලකුණු ප්‍රමාණයට පිළිතුරු ලෙස පන්දුඕවර 18.3කදී කඩුළු පහකට ලකුණු 175ක් ලබාගනිමිනි.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ තරග ජයග්‍රහණයට විශාල පිටුවහලක් විය.

තිසර පෙරේරාගේ ප්‍රහාරාත්මක ඉනිම සහ කුසල් ජනිත් පෙරේරා පන්දු 37කින් ලබාගත් ලකුණු 66, තරඟයේ ජයග්‍රහණයට මහත් පිටුවහලක් විය.

ආර්. ප්‍රේමදාස පිටියේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

නිදහස් කුසලාන තරඟාවලියේ දෙවැනි තරගය එළැඹෙන 08 වැනිදා ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත් වීමට නියමිතය.

(www.resa.lk)

Info Sri Lanka TV

Powered by Blogger.