මහනුවර ගැටුම් : බුද්ධි අංශ කුමන්ත්‍රණකරුවන් හඳුනාගෙන?


තෙල්දෙණිය ප්‍රදේශයේ දෙපිරිසක් අතර මිට සති දෙකකට පමණ පෙර ඇතිවු සිද්ධියක් මහනුවර ප්‍රදේශයේ ජනතාව කුපිත කරවමින් බරපතළ අරගලකාරි තත්ත්වයක් දක්වා ගෙන යමින් ජාතින් අතර පවතින සංහිදියාව විනාශ කිරිමේ දැවැන්ත ක්‍රමන්ත්‍රණයක් ඇතිදැයි හෙළි කර ගැනිම පිණිස ආරක්ෂක බුද්ධි අංශ මහනුවර ප්‍රදේශය පුරා සැරිසරමින් මෙහෙයමුමක් ආරම්භ කර ති‍බේ.

එම කුමන්ත්‍රණය දියත් කරන කණ්ඩායම් හදුනාගෙන ජනතාව සංසුන් කර එම කළබලකාරි තත්ත්වය සමථයකට පත් කිරිම පිණිස විශේෂ පොලිස් කණ්ඩායම්, විශේෂ කාර්ය බලකායේ භට පිරිස්, හමුදාවේ හයසියයකට වැඩි පිරිසක් බුද්ධි අංශ කණ්ඩායම් සහ රහස් පොලිස් කණ්ඩායම් ඇතුලු ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරින් විශාල පිරිසක්ද යවා තිබේ.

ඒ අනුව ඉදිරි පැය විසි හතර තුළ මහනුවර ප්‍රදේශයේ ආරක්ෂාව සම්පුර්ණයෙන් තහවුරු කිරිමට කටයුතු කරන ලෙසත් ආරක්ෂක අංශවල නියෝගයන්ට එරෙහිව යමින් කටයුතු කරන මේ කුමන්ත්‍රණය පිටුපස සිටින පිරිස් වහාම අත් අඩංගුවට ගෙන නිතිය ඉදිරියට පමුණුවන ලෙසත් රජය සියලු පොලිසියටත් සෙසු ආරක්ෂක අංශවලටත් උපදෙස් දි තිබේ.

වහාම අත්අඩංගුවට :

ඒ අතර සියලු බුද්ධි අංශ මහනුවර ප්‍රදේශය පුරා සැරිසරමින් කුමන්තුණය දියත් කරන පිරිස් පිළිබද තොරතුරු සොයමින් කටයුතු කරති.

එසේ හදුනාගන්නා පිරිස් අපරාධ පොලිස් දෙපාර්තමේන්තු නිලධාරින් විසින් වහාම අත් අඩංගුවට ගැනිමට කටයුතු යොදා තිබේ.

ඒ අතර එම කුමන්ත්‍රණකාරි තත්ත්වයට යොමු වි සිටින ජනතාවට කරුණු අවබෝධ කර දි එම කුමන්ත්‍රණයට හසු වි සිටින පිරිස ඉන් මුදවා ගැනිම පිණිස විවිධ ආගම් නියෝජනය කරමින් පුජක පක්ෂ ඊයේ සාකචිජා පවත්වා තිබිණි.

මේ අතර විවිධ ආකාරයේ පවතින තත්ත්වය වෙනස් කරමින් ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කරමින් මහජනතාව කුපිත කිරිමට කටයුතු කරන පිරිස් අත් අඩංගුවට ගැනිමටද පොලිසිය කටයුතු කරගෙන යයි.

කෝලාහල ඇති කිරීමට පැමිණි පිටස්තරයන් තවමත් මහනුවර

මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව ජාතිවාදී කෝලාහල ඇති කිරීම වෙනුවෙන් පිට පළාත් වලින් එම ප්‍රදේශයට පැමිණි පිරිස් තවමත් එම ප්‍රදේශයේ රැඳී සිටින බව විශ්වාසවන්ත ආරංචිමාර්ග වාර්තා කරයි.

හදිසි නීතිය ප්‍රකාශයට පත්කර ඇඳිරි නීතිය පනවා තිබු අවස්ථාවන් වලදී පවා ආරාක්ෂක අංශ මඟහැර මුස්ලීම් ප්‍රජාව ඉලක්ක කර ප්‍රහාර එල්ල කරමින් සිටින්නේ එම පිරිස් බවත් එසේ ප්‍රහාර එල්ල කිරීම සඳහා එහි සිටින චීවරධාරීන්ද සිවිල් ඇඳුමින් සැරසී සහභාගීව සිටින බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

එසේම ආරක්ෂක අංශ අත්හැර පළාගොස් සිටින පුද්ගලයන්ද චීවරධාරීන් ලෙස මෙම පහරදීම් සඳහා එක්ව සිටින බවත් 7 වනදා වරින් වර මුස්ලීම් දේවස්ථාන වෙත පහරදී පලායාම් සිදුකලේ එම පිරිස් බවද වාර්තා වෙයි.

ප්‍රදේශයේ සිද්ධස්ථාන කිහිපයක මේ පිරිස් නැවතී සිටින බවත් මෙතෙක් ආරක්ෂක අංශ ඒ සම්බන්ධව කිසිඳු පරීක්ෂාවක් සිදුකර නොමැති බවද සඳහන් කරන එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ කඩිනමින් මෙම පිටස්තර පිරිස් ප්‍රදේශයෙන් පිටමං නොකළහොත් බරපතල ව්‍යසනයක් සිදුවීමේ අවධානමක් පවතින බවයි.

වැඩිදුරටත් එම ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ ජාතිවාදී ප්‍රහාර සංවිධානය කරමින් කළහාකාරී ලෙස හැසිරෙන චීවරධාරීන් මැඩලීමට පොලිස් නිලධාරීන් මැලිවන ස්වභාවයක් පවතින බවය. එසේම පසුගිය සමයේ දිවයිනේ විවිධ ප්‍රදේශ වල එල්ල කළ ජාතිවාදී ප්‍රහාරයන් මෙහෙයවූ තරුණයින් බොහෝ අවස්ථා වලදී මෙම චීවරධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඔවුන් සමීපයේ සිටින බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පවා මෙතෙක් ආරක්ෂක අංශ සමත්ව නැති බවද ම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

'අදිසි හස්තය' හඳුනාගෙන :

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය තුළ පසුගියදා ඇතිවූ අවාසනාවන්ත සිදුවීම පසුපස සිටි පුද්ගලයන් කවුද යන්න විමර්ශන කණ්ඩායම් මේ වන විට හඳුනා ගෙන...

ලොරි රථ රියදුරකු සහ ත්‍රිරෝද රථයක ගමන් ගත් පිරිසක් අතර ඇතිවු පෞද්ගලික අරගලයක් මේ ආකාරයෙන් ජාතින් අතර භේදයක් ඇතිකරවිම දක්වා ගෙන යාමට කටයුතු කරන පිරිස සහ ඊට සහාය වන පිරිස සම්බන්ධයෙන් බුද්ධි අංශ සොයාගෙන ඇති ගොරතුරු මේ වන විටත් අදාල ආරක්ෂක අංශ ප්‍රධානින් වෙත වාර්තා කර ඇති බව ද් පැව‍සේ

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය තුළ පසුගියදා ඇතිවූ අවාසනාවන්ත සිදුවීම පසුපස සිටි පුද්ගලයන් කවුද යන්න විමර්ශන කණ්ඩායම් මේ වන විට හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය ඇමැති, සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කියයි.

මේ පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙදෙනෙක් , අලුතෙන්ම පිහිටවූ පක්ෂයකින් මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරි පත්වූ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් දෙදෙනෙක්, එම පක්ෂයට සම්බන්ධ භික්ෂුවක්, මන්ත්‍රිවරයකුගේ ලේකම්වරයකු ,දේශපාලන පක්ෂයක දිස්ත්‍රික් සංවිධායක වරයකු වන බව ද හෙළිවී ඇතැයිද ඇමැතිවරයා පවසයි.

සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මේ බැව් අනාවරණය කළේ ඊයේ (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මඩගහන්න සල්ලි දීලා !

මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හමුවේ අදහස් දැක්වූ ඇමැතිවරයා පෙන්වා දුන්නේ ආණ්ඩුවට විරුද්ධව ජාතිවාදය වපුරවමින්, ජනාධිපතිට අගමැතිට මඩ ගසමින් කටයුතු කරන්නට සංවිධානාත්මක පිරිසක් විවිධ කණ්ඩායම් සඳහා මුදල් ගෙවා ඇතැයි දැන් තොරතුරු අනාවරණය වෙමින් තිබෙන බවයි.

මේ අතර මහනුවර ප්‍රදේශයේ ජනතාවකුමන්ත්‍රණවලට හසු නොවි සිටිම පිණිසත් මහනුවර ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරිම සඳහාත් පොලිස් ඇදිරි නිතිය සමස්ථ මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය පුරා පනවා තිෙබ්.

නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකුගෙන් සහ පොලිස් අධිකාරිවරුන් තිදෙනකුගෙන් සමන්විත කණ්ඩායම් තුනක් ද මේ වන විට විමර්ෂණ කටයුතු පුළුල් ලෙස සිදු කරමින් සිටියි.

යම් පුද්ගල කණ්ඩායම් ඇදිරි නිතිය පවතින අවස්ථාවේ ඊ‍ට එහා යම්න් නිතිවිරෝධි ලෙස කටයුතු කළ හොත් ඔවුන් අත් අඩංගුවට ගෙන නිතිය තදින්ම ක්‍රියාත්මක කරන බව පොලිස් මුලස්ථානය පවසයි.

Powered by Blogger.