බෞද්ධයා නාලිකාව කොල්ලකන්න හදන සැදැහැවතුන්.


පුජ්‍ය දරණාගල කුසලධම්ම හිමිය විසින් ආරම්භ කළ ‘බෞද්ධයා ‘(The Buddhist) නාළිකාවට උන් වහන්සේගේ සැදැහැවතුන් විසින් පුජා කළ ශාසනික දේපල කූට ලේඛණ උපයෝගී කරගනිමින් කොල්ලකෑමට පිරිසක් සූදානම්වන බව එම නාලිකා අභ්‍යන්තර ආරංචිවලින් වාර්තා වේ.

කුසලධම්ම හිමියන් රෝගාතුරව ඇමරිකාවට වැඩම කරවන විට බෞද්ධයා නාළිකාවේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙනයාමට ඇටොනි බලපත්‍රයකින් කමිටුවකට බලය පවරා දී ඇත.

හර්ෂණ අලස්, හිටපු පොලිස්පති එම්.කේ. ඉලංගකෝන්, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ හා හිටපු අගවිනිසුරු සරත් එන්. ද සිල්වා ඇතුළු පස්දෙනෙකු එසේ අදාළ නාලිකාව පවත්වාගෙනයාමේ කමිටුවට නම් කර තිබේ.

කෙසේවුවද, ඒ වන විට එම නාළිකාවේ අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස කටයුතු කරමින් සිට ඇත්තේ කුසලධම්ම හිමියන්ගේ ගෝල හමිනම වන වජිර හිමියන් සහ ගිහියෙකු වන සේනාරත්න යන දෙදෙනා පමණකි.

මේ අතර, කුසලධම්ම හිමියන් රෝගීව අසාධ්‍ය තත්ත්වයට පත්ව යළි මෙරටට වැඩම කර කොඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී උන් වහන්සේ ලබා දී තිබු ඇටොනි බලපත්‍රය උපයොගී කර ගෙන බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ අවසරයකින් තොරව කුසලධම්ම හිමියන්ගේ ගිණුම්වල තිබු මුදල් හා උන්වහන්සේට දායක දායිකාවන් පුජා කළ ඉඩම් හා දේපල සියල්ලක්ම බෞද්ධයා නාලිකාවේ නමට ලියා ගෙන ඇති බව වාර්තාවේ.

එම කටයුතු හේතුවෙන් අදාළ කමිටුවේ සිටි හිටපු පොලිස්පති එම්.කේ. ඉලංගකෝන් මහතා ඊට විරෝධය දක්වා එම කමිටුවෙන් ඉල්ලා අස්ව ඇති බවද වාර්තා වේ.

ඔහු ඉල්ලා අස්ව ඇත්තේ සඝ සතු දේපල එවැනි ආකාරයට පවරා ගත නොහැකිබව සදහන් කරමින් බවද පැවසේ.

මේ වනවිට ඇටෝනි බලපත්‍රයකින් නාලිකාව පවත්වාගෙන යාමට බලය පවරන ලද පිරිස ද එම නාලිකාවේ අධ්‍යක්ෂවරුන් ලෙස එක්ව ඇති අතර, ඔවුන් එහි සිටි එකම ගිහි පුද්ගලයා සමඟ එක්ව වෙනම කල්ලියක් තනාගෙන ඇති බවද වාර්තා වේ.

අදාළ තත්ත්වය හේතුවෙන් කුසලධම්ම හිමිගේ ගෝල හිමිනම වන වජිර හිමි හුදෙකලා වී ඇති බවත්, සඝ සතුදේ ආරක්ෂකර ගැනීමට නොහැකිව සිත් තැවොලෙන් පසුවන බවද වාර්තා වේ.

Info Sri Lanka TV

Powered by Blogger.