'ලොහාන් හා දිලුම් ගැන හොයන්න CID යවලා' - විමල්


මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිලුම් අමුණුගම හා ලොහාන් රත්වත්තේ පිළිබඳව සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් මේ වන විට මහනුවරට ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය. 

පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව පැවැසීය. 

දිලුම් අමුණුගම හා ලොහාන් රත්වත්තේ  යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරයි. 

බුද්ධිමත් වෙන්න - හිටපු ජනපති ජනතාවගෙන් ඉල්ලයි

වර්තමානයේදී සිදුවන දෑ පිළිබඳව ඉතා බුද්ධිමත්ව හා කල්පනාකාරී ලෙස බලා ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලින් වැළකී සිටින්නැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා රටේ සියලුම ජන කොටස්වලට අයත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එසේම ශ්‍රී ලංකාවේ පළමු නිදහස් අණ්ඩුවට සමානව සිංහල, දෙමළ හා මුස්ලිම් නායකයන් සහයෝගයෙන් කටයුතු කරන ජාතිකවාදී සන්ධානයක් නැවත මේ රට තුළ ගොඩනැගීමේ අවශ්‍යතාවයක් ඇතිව බවත් ඔහු පවසයි.


නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන හිටපු ජනපතිවරයා වැඩිදුරටත් පවසන්නේ  මේ සිදුවීම් පිළිබදව සිංහල, දෙමළ හා මුස්ලිම් පුද්ගලයන් හා සංවිධාන සමඟ ඉදිරියේදී  සංවාදයක් ඇතිකර ගැනීමට තමන් අදහස් කරගෙන සිටින බවයි.

Latest Video

Powered by Blogger.