Ad

Digital Marketing පාරේ හරියට යන්න පුලාගේ පොත අතට ගන්න..


නවීන ලෝකයේ බොහෝ රටවල් අන්තර්ජාල පහසුකම් භාවිතයෙන් තම අලෙවිකරණ කටයුතුවලට නැඹුරුවීම දිනෙන් දින ඉහළ යයි. ශ්‍රී ලංකාවද පසුගිය වසර හයක පමණ කාලයක සිට මෙම ක්ෂේත්‍රය කෙරෙහි තම අවධානය යොමුකර ඇත. ශ්‍රී ලාංකික සංචාරක හෝටල් ක්ෂේත්‍රය, සංචාරක කර්මාන්තය මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවද තම භාණ්ඩ හා සේවාවන් අලෙවි කරගැනීමේ පහසු මඟක් ලෙස දැන් දැන් ඩිජිටල් අලෙවිකරණය වෙත යුහුසුලු වේ.

වසර අටක තම සේවා කාලය තුළ ලද අත්දැකීම් මතින් සිංහල භාෂවෙන් ඩිජිටල් අලෙවිකරණය ගැන ලියවුණු පොතක්ලෙස පුලස්ති වන්නිආරච්චි මහතාගේ “Digital Marketing නිවැරදි මඟ” කෘතිය ගොඩගේ ප්‍රකාශණයක් ලෙසින් මුද්‍රණයවී ඔබ අතට පැමිණ ඇත. එහි පසුවදන ලීයු ජ්‍යෙෂ්ඨ විශේෂඥ අධිකරණ වෛද්‍ය එච්.ටී. කේ. විජයවීර මහතා මෙසේ සදහන් කොට ඇත.

“පුලස්ති වන්නිආරච්චි විසින් රචිත Digital Marketing නිවැරදි මඟ එම විෂය හදාරණ අයට මෙන්ම අන්තර්ජාලය පරිශීලනය කරන අයට හස්තසාර ග්‍රන්ථයකි. ඩිජිටල් අලෙවිකරණය වර්තමානයේ ඉතා ශීඝ්‍රයෙන් දියුණුවන අංශයකි. සෑම ක්ෂේත්‍රයක් ම මේ වන විට වෙබ් අඩවි ඔස්සේ ජනතාව ආකර්ෂණය කරගැනීමට නැඹුරු වී ඇත. එමඟින් තම සේවා හා භාණ්ඩ අලෙවි කරගැනීමට බොහෝ අය දැන් දැන් උත්සුක වේ. එම නිසා පරිගණක ක්ෂේත්‍රයට පිවිසෙන නවකයකුට වගේම එහි ප්‍රවීණයකුට ද වෙබ් අඩවියක් සාර්ථකව නිර්මාණය කරගන්නා ආකාරය හා ඩිජිටල් අලෙවිකරණය ගැන දැනුම ලබාදීමට මේ පොත මඟින් පුලස්ති ගත් උත්සාහය සාර්ථක වී ඇති බව මගේ හැඟීමයි.

සිංහල භාෂාවෙන් පරිගණක තාක්ෂණය පිළිබඳ හා ඩිජිටල් අලෙවිකරණ විෂයපථය සැබැඳි ග්‍රන්ථ ඉතා අවම මට්ටමක පවතින අතර, සරල භාෂා විලාශයක් උපයෝගී කරගනිමින් මේ පොත රචනා කොට ඔහු විසින් ගත් පළමු ප්‍රයත්නය පැසසිය යුතුය.

එමෙන්ම මෙහි අන්තර්ගතයේ අවධාරණය කර ඇති තවත් වැදගත් අංශයක් වනුයේ එදිනෙදා මුහුණු පොත හා සාමාජ ජාල භාවිතයේදී පිළිපැදිය යුතු සාරධර්ම මෙන්ම, ආරක්ෂාකාරී පිළිවෙත් පිළිබඳව සාකච්ඡා කොට තිබීමයි. නොදැනුවත්කම හේතුකොට ගෙන අන්තර්ජාලය නිසා අපේ තරුණ පරම්පරාව ප්‍රශ්ණවලට මුහුණ දී ඇති බව රාජකාරී මට්ටමිනුත් සමාජයත් සමඟ කටයුතු කිරීමේදීත් අපට අත්දකින්නට ලැබේ. දැනුමක් නොමැති අයට මෙය බෙහෙවින් දැනුවත්වීම උදෙසා උපකාරී වන අතර අනවශ්‍ය කරදරවලින් තමන්ගේ චරිතය මෙන්ම තම ජීවිතය ආරක්ෂා කරගැනීමට මඟ කියාදෙන සාර්ථක මාර්ගෝපදේශක පොතකි.”


Powered by Blogger.