Sex Ed Ad

විශ්වාසභංගය මෛත්‍රීගේ : ආණ්ඩුව යවන්න SF පෙරට : රතන අන්තරාභවයක.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ගෙන එන බව පෙන්වුවද මෙම විශ්වාසභංගයේ මූලිකත්වය ගෙන ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අවධාරණය කරයි.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයේදී ප්‍රධාන ආරක්ෂකයා වී සිටින්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බවත් මහින්ද රාජපක්ෂ මහතා එම විශ්වාසභංගය කතානායකවරයාට බාර දීමට යන්නේ මස් කඩයට ගෙනයන ගවයෙකු වගේ බවත් හිටපු ජනාධිපතිවරයා එතනට යන්නේ අකමැත්තෙන් බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදීමට තීරණය කර තිබෙන බව බිමල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසී ය.

රජය අසාර්ථකයි

මේ අතර ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් අමතමින් ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කළේ වැරදිකරුවන් දඬුවම් දීමට ඉදිරියටත් පසුබට වුවහොත් රජයට එරෙහිව නැගී සිටීමටද තමන්ද සුදානම් බවයි.

වැරදිකරුවන්ට දඬුවම් ලබා නොදීම සම්බන්ධයෙන් රජය මේ වන විටත් අසාර්ථ වී ඇති බව ද අමාත්‍යවරයා ‍මෙහිදි පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා නිදහස් ඇතැම් අය මහින්ද පාලනයක් නැවත ගෙන ඒම සඳහා කටයුතු කරමින් සිටින බවත් ඔවුන් පසුගිය වසර 3 පුරාම එය ඉටු කළ බවත් නායකයන් ඒවා සම්බන්ධයෙන් තීරණ නොගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

රතන හිමි දේශපාලන අන්තරාභවයක

මේ අතර කිසිම ජාතික සම්පතක් නොවිකුණන්න බවට, රණවිරුවන් හිරේ නොදමන බවට හා ගල්යිපොසේත් තහනම ඉවත් නොකරන බවට රට හමුවේ පොරොන්දු වන්නේ නම් අගමැති රනිල් වික‍්‍රමසිංහට සහය දිය හැකි බව අතුරලියේ රතන හිමියන් සඳහන් කරයි.

පසුගියදා විද්‍යුත් මාධ්‍යක් හමුවේ උන්වහන්සේ මේ බව සඳහන් කර තිබෙන අතර අග්‍රාමාත්‍යවරයා ඊට එකඟ නොවන්නේ නම් ඉදිරියේදී නව ජාතික නායකයෙකු ගෙන ඒමට සයාය දීමට තමන් පසුඉට නොවන බවද සඳහන් කර ඇත.

ආණ්ඩුව පිහිටුවීමේදී එජාපය නියෝජනය කළ රතන හිමියන් පසුව එජාපය සමඟ විරසකව පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වන බව පවසමින් ජනාධිපතිවරයාගේ පාර්ශවයට සමීප විය. පසුව වස විස නැති කාබනික කෘෂිකර්මය සමඟ රට වටේ වැඩම කල උන්වහන්සේ රසායනික පොහොර ආනයනයට සහ ගල්යිපොසේට් තහනම ඉවත් කිරීමට ජනාධිපතිවරයාගේ මුලිකත්වයෙන් යුතු ජාතික ආර්ථික සභාව තීන්දු කර තිබෙන බවට පුවත් පළවීමත් සමඟ එම පාර්ශවය වෙතින්ද ඈත්වූ අතර වස විස ප්‍රතිපත්තියට එකඟ නම් විශ්වාසභංග යෝජනාවේදී ඒකාබද්ධ විපක්ෂයේ පෙරහරට එක්වන බවද පැවසීය.

කෙසේ වුවත් රතන හිමියන්ගේ මේ දේශපාලන වෙනස්වීම ගැන දේශපාලන විචාරකයින් සඳහන් කරන්නේ මේ වනවිට උන්වහන්සේ දේශපාලනයේ අන්තරාභවයක සිටින බවත් එය බොහෝ දුරට නැවත රාජපක්ෂ රෙජීමයේ නියෝජිතයෙක් අසල ජීවය ලැබීමකින් අවසන් වනු ඇති බවත්ය.

Latest Video

Powered by Blogger.