UNPය දිනන්න කළ යුතු දේ මරික්කාර් හෙළිකරයි.


පොහාට්ටුව ඡන්දය දුන් යූන්පී කාරයාගේ මනස දිනා ගැනීමේ ප්‍රතිසංවිධානයක් පක්ෂය තුළ විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පවසයි.

ඔහු මෙම  අදහස් පළ කරන ලද්දේ රුපියල් ලක්ෂ 50 ක ප්‍රතිපාදනයෙන් කාපට් අතුරා සංවර්ධනය කරන ලද මහබුත්ගමුව චිත්‍රාගාර මාර්ගය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයකට එක් වෙමින්ය.

"එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානයක් විශ්වාසභංගයක් සමහර අය පටලවගෙන තියෙනවා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ අපි ඒක පටලවගෙන නෑ. විශ්වාසභංගයේ තියෙන්නේ ආණ්ඩුව රැක ගන්නවාද යන තීන්දුවයි. ඒ නිසා ආණ්ඩුව රැක ගත යුතුයි යන තීන්දුවේ අපි ඉන්නවා. මොකද ඒකාබද්ධ විපක්ෂයට  අවශ්‍යය විදිහට ඒක අල්ලේ නටවන්න දෙන්න බෑ. ඒ වගේම විශ්වාසභංගයේ මුවාවෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානයක් කල් දාන්න බෑ. 

අපි ගම් මට්ටමේ බිම් මට්ටමේ ශක්තිමත් වීමට අමතරව, පසුගිය අවුරුදු 03 දී අපේ ආණ්ඩුවේ කරපු වැරදි නැති කර ගන්නත් ඕනේ. ඒ තමයි හොරුත් එක්ක ඩීල් දාන්නේ නැතිව හොරුන්ව අල්ලන්න ඕනේ. තරුණ තරුණියන්ට රැකියා ලබා දෙන්න, අලුතින් නිවාස හා නිවාස ණය ලබා දීම සහ ගමේ සංවර්ධනය අංක 01 ට ගෙන ආ යුතුයි. ඒ එක්කම මේ පොහොර සහනාධාර වෙනුවට කෙලින්ම පොහොර ටික දෙන්න ඕනේ. නිල ඇදුමට වවුචර් නැතිව නිල ඇදුම ලබා දීමයි වැදගත්. ඒ එක්කම මේ වැව් අමුණු ටික හාරලා කෘෂිකර්මාන්තය නැවත නගා සිටුවලා ග්රා මිය ආර්ථිකයද විශාල වශයෙන් ශක්තිමත් කරන්න ඕනේ. මේවාත් එක්ක පොහාට්ටුව ඡන්දය දුන්න යූන්පී කාරයාගේ මනස දිනා ගැනීමේ ප්‍රතිසංවිධානයක් පක්ෂය තුළ විය යුතුයි. මේ දේ අලුත් අයට තනතුරු ලබා දීමෙන් පමණක් කරන්න බෑ. ඒ තනතුරු ලබා දීලා ප්‍රතිසංවිධානය කරන ගමන්  එය ආණ්ඩුව ඇතුළට ගෙනල්ලා ආණ්ඩුව හරහා මේ ප්‍රතිසංවිධානයේ වෙනස ගමේ ජනතාවට දැනෙන්න කළොත් තමයි මේ හැමදේම ප්රාතිලාභ  ලබා ගන්න පුළුවන් වෙන්නේ" යැයි පැවසීය. 

Info Sri Lanka TV

Powered by Blogger.