'රනිල්ගේ කපන්න කිව්වේ රනිල්මයි' - අජිත් පී. පෙරේරා කියයි.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පැවැති ආයතන කිහිපයක් ඔහුගෙන් ඉවත් කළේ, අග්‍රාමාත්‍යවරයාගේම උපදෙස් මත බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය.

අද (01දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. එසේම ඒ හරහා රජය නව ගමනක් යෑමට බලාපොරොත්තු වන බවත්, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එම ගමන අප්‍රේල් 05 වැනිදා ආරම්භ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවේදී එයට පක්‍ෂව ඡන්දය ලබාදෙන එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පක්‍ෂයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.

මේ අතර, එක්සත් ජාතික පක්‍ෂයේ පිරිසක් හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ඊයේ (31දා) පැවැති සාකච්ඡා සාර්ථක වූ බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

Latest Video

Powered by Blogger.